ජපන් ළඳුන් ‘වියපත් නොවන’ රහස හෙළිවෙයි

ජපන් ළඳුන් ‘වියපත් නොවන’ රහස හෙළිවෙයි
Spread the love

‘ජපානය’ ගැන කතා කරන කොට ඉහළින්ම තැබිය හැකි බොහෝ දේ තිබෙනවා. ජපන් තාක්ෂණය, ආචාරධර්ම, සංස්කෘතිය ඒ සියල්ල සමග සකුරා මල්, සුන්දර ජපන් ලඳුන්, කිමෝනාව වගේම ජපන් බෝනික්කෝ කාටවත් අමතක කරන්න බැහැ.

ඒත් ඒ සියල්ලටම වඩා මේ වන විට ලෝක අවධානය ජපනුන් වෙත යොමු වෙමින් තිබෙනවා. විශේෂයෙන් කාන්තාවන්ගේ. ඒ ‘කොතරම් වසයට ගියත් ජපන් කාන්තාවන් තුළ වියපත් බවක් පේන්න බැහැ. ‘කතාවට කියන්නා වාගේ ‘හැට පැන්නත් ජපන් කතුන්ගේ සමේ් ඡවීවර්ණය නෑඹුල් යුවතියකගේ වගෙයි. ඒ වගේම ඔවුන් ලෝකයේ සෙසු ජාතීන්ට සාපේක්ෂව නීරෝගීය දීර්ඝායුෂ බුක්ති විඳිනවා.

‘ජපන්නු වයසට නොයන්නේ ඇයි ?’ පසුගිය කාලය පුරා බටහරි රටවල්, විශේෂයෙන් බටහිර වෛද්‍යවරුන් දැඩිව සොයා බැලූවා. පර්යේෂණ කළා.

ඔන්න දැන් ඔවුන් පැහැදිලි අනාවැකියක් කියන්න පුළුවන් තැනට ඇවිත් තියෙන බව ‘ඬේලිමේල්’ වාර්තාවක සඳහන් වෙනවා.

පර්යේෂකයන් පවසන්නේ ජපන් ජාතිකයන් බහුල ලෙස ග්‍රීන් ටී (Green Tea) පානය කරන බැවින් පාරජම්බුල කිරණින් (Ultra Violet) සම ආරක්ෂා කර සමේ රෝග පිළිකා අවම කර සම පැහැපත් කරන බවයි. ග්‍රීන් ටී කෝප්පයකින් සිරුරේ අනවශ්‍ය බර අඩුවන අතර එය තරුණ පෙනුමට ඉවහල් වෙනවා.

ජපන් ආහාර අතර මුහුදු පැළෑටි අනුභවය බහුල ලෙස පවතිනවා. එය විටමින්, මිනරල්, කැල්සියම්, මැග්නීසියම් විටමින් K යකඩ හා පෝලේට් අන්තර්ගත වන අතර එය සමබල ආහාරයට ඉවහල් වෙනවා. දිනපතා මුහුදු පැළෑටි අනුභවයෙන් ස්වභාවිකව ක්ලැජන් සිරුරට අවශෝෂණය වී සම ආරක්ෂා වන අතර, සමේ ලප, ආසාදන, හා ඉදිමුම අවම කර සිරුරේ පරිවෘත්තිය ක්‍රියා ක්‍රමවත් කිරීමට උපකාරී වෙනවා.

එමෙන්ම, ජපන් ජාතිකයෝ දිනපතා සිරුර සම්බාහනය කරනවා. එමගින් රුධිර සංසරණය ක්‍රමවත් වන අතර මාංශ පේශි ලිහිල් වේ. එය පැහැපත් පෙනුමට ඉවහල්  වෙනවා.