ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ජපානයේ පිහිටි ශ‍්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානවල නායක හිමිවරුන් අතර හමුවක් (13) ටෝකියෝ නුවරදී පැවැත්විණි.
බෞද්ධාගමික ප‍්‍රචාරය වෙනුවෙන් ජපානයේ සිට උන්වහන්සේලා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී පළමුව සිය ගෞරවය පුද කළ ජනාධිපතිතුමා, උන්වහන්සේලා හමුවීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව ද සිය සතුට පළ කළේය.
තරුණ පරපුරට අපේ යහපත් සංස්කෘතික වටිනාකම් අවබෝධකර දෙමින් ශ‍්‍රී ලාංකික දරු පරපුර යහපත් සහ සදාචාරවත් පරපුරක් ලෙස ගොඩනැගීමේ අවශ්‍යතාවය පැහැදිළි කළ ජනාධිපතිතුමා එහිදී ආගමික නායකයින්ට සුවිශේෂි කාර්යභාරයක් පැවරෙන බව ද කියා සිටියේය.
පසුගියදා මහනුවර ප‍්‍රදේශයේ සිදුවූ සිදුවීම් පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ, සියලු ජන කොටස් අතර සාමය සහ සහෝදරත්වය ගොඩනැගීමට පුළුල් වැඩකොටසක් ඉටුකරන මෙම අවස්ථාවේ ඉතා සුළු පිරිසක් විසින් ඇතිකළ එම නොසන්සුන්තාවය පිළිබඳ බෙහෙවින් කනගාටු වන බවයි.