දිවයිනට පැමිණ සිටින ජපාන අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේ මහතාගේ විශේෂ උපදේශක හිරෝටෝ ඉසුමි මහතා ඇතුළු නියෝජිත පිරිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ.
ජනාධිපතිවරයාගේ ජාපන සංචාරය අතරතුර ජපාන අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවලදී මෙරට තුළ සිදු කිරීමට නියමිත ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ සොයාබැලීම සහ අධ්‍යයනය කිරීම වෙනුවෙන් අදාළ නියෝජිත පිරිස මෙරටට පැමිණ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
වරාය සංවර්ධනය, ඩිජිටල්කරණය සඳහා සහයෝගිතාවය, බලශක්ති, සංචාරක, සෞඛ්‍ය, යටිතල පහසුකම් සහ සමුද්‍රීය ආරක්ෂාව යන ක්ෂේත්‍රවලදී මෙරටට ලබාදෙන සහයෝගය ඉහළ නැංවිමට එම සංචාරයේදී එකඟතාව පළවී අතර ඒ සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ජපාන නියෝජිත පිරිස සහ ජනාධිපතිවරයා අතර පැවැති හමුවේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
ඉදිරියේදී මතුවිය හැකි විදුලි අර්බුදය මඟහරවා ගැනීම සඳහා දියත් කෙරෙන බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීමේ අවශ්‍යතාව එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ නියෝජිත පිරිස වෙත පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

