තමන්ට එරෙහි විශ්වාසභංගයේදී තමන්ට වාසිදායක තත්වයක් නිර්මාණය වීමත් සමගින් එජාප නායක රනිල් වික්‍රමසිංහයන්ගේ ගජ මිතුරු කල්ලිය විශ්වාසභංගයේදී රනිල්ට එරෙහි එජාප කණ්ඩායමට ප්‍රහාර එල්ල කිරීම දැනටමත් අාරම්භ කර අැති බව විශ්වාස කටයුතු අාරංචි මාර්ග තහවුරු කර අැත.
රනිල් වික්‍රමසිංහයන්ට එරෙහි එජාප මන්ත්‍රිවරුන්ට සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට දිගින් දිගටම දුරකථනයෙන් තර්ජන කරමින් ඔවුනගේ ඡන්දය වලක්වාලීම රනිල්ගේ ගජමිතුරු කල්ලියේ එ්කායන අරමුණ බවට පත්ව අැත…
විශ්වාසකටයුතු අාරංචි මාර්ග තහවුරු කරන පරිදි රනිල්ට එරෙහිව දැඩි සටනක් ගෙන යන එජාප මන්ත්‍රිවරයෙකුගේ කාර්යය මණ්ඩල ප්‍රධානියා අැමතු ගජ මිතුරු කල්ලියේ සාමාජිකයෙක් අද 10න් පස්සේ තොපිට අැපත් නෑ… ප්‍රතිසංවිධාන නෙමෙයි තොපිලට අපි කරන දේ බලාගනිවු… පාක්ෂිකයා කරන දේවල් අපිට අදාල නෑ.. හැබැයි නායකතුමාට විරුද්ධ වෙච්ච තොපේ ගෙවල්වත් අපි තියන්නේ නැතැයි පවසා අැත.

