ජර්මනිය පැරදෙයි – බ්‍රසීලය සම වෙයි.. පාපන්දු ලෝක කුසලානය‍ේ පොඩ්ඩෝ ලොවම මවිත කිරීම අරඹයි….!

ජර්මනිය පැරදෙයි – බ්‍රසීලය සම වෙයි..  පාපන්දු ලෝක කුසලානය‍ේ පොඩ්ඩෝ ලොවම මවිත කිරීම අරඹයි….!
Spread the love

පාපන්දු ලෝක කුසලානයේ අවදානයට ලක්වූ තරග තුනක් ඊයේ දින (17) පැවැත්වුනා.  ඒ අතර වත්මන් ලෝක ශූර ජර්මනිය සහ මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට වඩාත්ම ඉඩ ඇති කණ්ඩායම ලෙසට බොහෝ දෙනා මත පල කරන බ්‍රසීලයද ඊයේ තරග බිමට ප්‍රවිෂ්ඨ වුනා.

ජර්මනිය මෙක්සිකෝව සමගත් බ්‍රසීලය ස්විට්සර්ලන්තය සමගත් ක්‍රීඩා කළා. 

ජර්මනිය සහ මෙක්සිකෝව අතර තරගයේ බොහො දෙනා බලාපොරොත්තු වූයේ වත්මන් ලෝක ශූර ජර්මනිය මෙම තරගය පහසුවෙන් ජය ගනු ඇති බවටයි. කෙසේ වෙතත් ලොවම මවිත කරමින් ප්‍රබල ජර්මනිය පරදා ගෝල 1-0ක් ලෙස ජයක් ලබා ගැනීමට මෙක්සිකෝව සමත් වුනා.

මෙක්සිකෝව දැඩි ආරක්ෂාකාරී ලෙස ක්‍රීඩා කළ අතර තරගය පුරාවටම ජර්මනියට කිසිදු ගෝලයක් ලබා ගැනීමට ඉඩ නොදීම විශේෂයකි. තරගයේ 35ස් වන මිනිත්තුවේදි ක්‍රියාත්මක වූ මෙක්සිකෝවේ හර්වින් ලොසානෝ තරගයේ එකම ගෝලය රැස් කළේය. මෙක්සිකානු දැල් රකින ක්‍රීඩකයාගේ දක්ෂතා තරගය පුරාවටම කැපි පෙනුනු අතර ජර්මනියේ සුපිරි මැදපෙල විසින් නිර්මාණය කළ අවස්තා රැසක් ජර්මනි මුල් පෙල විසින් මග හැරීම තරගය ජර්මනිය පරාජයට පත්වීම හේතුව විය.

මේ අතර බ්‍රසීලය සහ ස්විට්සර්ලන්තය අතර තරගය ගෝල 1-1ක් ලෙස ගෝල සමවීමෙන් අවසන් වුනා. බ්‍රසීල කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක පිලිප් කුටීනියෝ බ්‍රසීලය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය දැකුම්කලු අයුරින් වාර්තා කිරීමට සමත් විය. කෙසේ වෙතත් තරගයේ 50ස් වන මිනිත්තුවේදි බ්‍රසීලයේ ගෝල වාසිය අවසන් කළ ස්විට්සර්ලන්ත කණ්ඩායමේ සුබර් ගෝලයක් වාර්තා කළ අතර ඉන්පසු ගෝල රැස් කිරීමට දෙපිලටම නොහැකි විය.

එම තරගයන්හි විශේෂ අවස්තා පහතින්,