ජල ගාස්තු වැඩිවෙයි!

Spread the love

කුමණ ආකාරයේ බාධක පැමිණියද ඉදිරියේදී ජල ගාස්තු වැඩි කිරීමට සිදුවන බව ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා. ජලය පිරිපහදු කර ජනතාවට ලබාදීම සඳහා වැඩි මුදලක් වැය කිරීමට සිදුව ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඉදිරියේදී ජල ගාස්තු ඉහළ නැංවීමට සිදුවුවහොත් ඊට එරෙහිව විරෝධතාවල නිරත නොවන ලෙස ද අමාත්‍යවරයා එහිදී මහජනතාවගෙන් ඉල්ලීමක් කළා.