ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉකුත් 05 දා සභාගත කළ 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල ද යන්න සලකා බැලීම සඳහා ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවන ලදී.
සිසිර ද ආබෲ (සභාපති) ප්‍රසන්න ජයවර්ධන යන මහත්වරු සහ මුර්දු ප්‍රනාන්දු මහත්මියගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ මෙම විභාගය පැවැත්වේ.
පනත් කෙටුම්පතේ රෙගුලාසි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනි බව කියමින් පෙත්සම් 08 ක් ද පනත් කෙටුම්පතට පක්‍ෂව පෙත්සම් 03 ක් ද ගොනු කර තිබිණි.
රාවණා බලය සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්‌ස හිමි, උපසභාපති මැඩිල්ලේ පඤ්Æලෝක හිමි, ඇල්ලේ ගුණවංශ හිමි සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, මහාචාර්ය චන්න ජයසුමන, නීතිඥවරුන් වන රංග ද ප්‍රේමනාත් ගුණවර්ධන, දිනේෂ් ද සිල්වා, නාගානන්ද වීරක්‌කොඩි, රාජා ගුණරත්න යන මහත්වරු පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ගොනු කළ අය වෙති.
ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ලාල් විඡේනායක යන මහත්වරුන් පනත් කෙටුම්පතට පක්‍ෂව පෙත්සම් ගොනු කර තිබිණි.
ජනාධිපති නීතිඥවරුන් වන මනෝහර ද සිල්වා, අලි සබ්රි, සංජය ජයවර්ධන, අධිනීතිඥ කනිෂ්ක විතාරණ පනත් කෙටුම්පතට එරෙහිව පෙනීසිටියහ.
නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා ඇතුළු රජයේ නීතිඥ කණ්‌ඩායමක් පෙනීසිටී.
විනිසුරු මඬුල්ල හමුවේ පෙරේදා (12) ප්‍රථමයෙන්ම කරුණු ඉදිරිපත් කළේ පිවිතුරු හෙළ උරුමයේ නායක ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතායි.
ජවිපෙ ඉදිරිපත් කල 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවට
