ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය ජාතික ආණ්‌ඩුවේ තවදුරටත් රැඳී සිටීම ගැන කිසිදු සාකච්ඡාවක් පවත්වා නැති බව ශ්‍රීලනිපයෙ විපක්‌ෂයේ අසුන් ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
ජාතික ආණ්‌ඩුවේ තවදුරටත් සිටීම පිළිබඳව පක්‌ෂයේ කාට හෝ මැති ඇමැතිවරයකුට ගනුදෙනුවක් ඇත්නම් එය එජාපයට ගොස් සිදුකරගත හැකි බවත් පුද්ගලික අදහස් නිලතලවල සිටිමින් ඉටු කර නොගන්නා ලෙසද කිසිදු තැනක මෙවැනි සාකච්ඡාවක් සිදුවී නොමැති බවද ඊයේ නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය.

