Saturday, 4 October 2025

ජාතිවාදය අවුලවමින් ගෙවල් කුඩු කරන කල්ලියේ වීඩියෝ කරලියට… රටේ අලුත්ම තත්වය මෙන්න…

ජාතිවාදය අවුලවමින් ගෙවල් කුඩු කරන කල්ලියේ වීඩියෝ කරලියට… රටේ අලුත්ම තත්වය මෙන්න…
Spread the love

පටු දේශපාලනික අරමුණක් උදෙසා අහිංසක මිනිසුන්ට පහරදෙමින් ජාතිවාදය නමැති ගිනි දළු අවුලවමින් රට යලිත් වාර්ගික අර්බුදයකට තල්ලු කිරීමේ උත්සයක නිරතවන කල්ලියක බිම් මට්ටමේ සාමාජිකයන්ගේ වීඩියෝ අපට මේ වන විට ලැබී ඇත…

කටකතාවලට රැවටෙන්න එපා – බුද්ධිමත්ව කටයුතු කරන්න – රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමි

කටකතාවලට නොරැවටී බුද්ධිමත්ව කටයුතු කරන ලෙස රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමි ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
මහනුවර ප්‍රදේශයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් මේසේ පැවසීය.
මේ අතර ජාතිවාදී කෝලහාල කිසිසේත්ම රටකට හිතකර තත්ත්වයක් නොවන බව මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය  තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල  නාහිමින් පවසයි.
පවතින තත්ත්වයන් වර්ධනය වීමට ඉඩ නොදී සියලු දෙනා සාමකාමීව කටයුතු කරන ලෙස මල්වතු මහා නාහිමි ප්‍රකාශ කර ඇත.
ආගමික නායකවරු ජනතාව අමතමින් පල කල අදහස් 

භික්ෂුවකට තුවාලයි කී කතාවේ ඇත්ත එළියට! – මහා නායක හිමියෝ සියල්ල පහදති…

මහනුවර අවට හටගත් ගැටුම්වලින් භික්ෂූන් වහන්සේ නමක් තුවාල ලබා ඇති බවට පැතිර යන පුවත ව්‍යාජ එකක් බව රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමි පවසයි..

නැග එන ජාතිවාදයට විරුද්ධව සනත්, මහේල සංගා ප්‍රහාරයේ | VIDEO

 අම්පාරෙන් පටන්ගෙන මහනුවර දක්වා පැතිර ගිය මුස්ලිම් විරෝධී කැරලිකාරිත්වයෙන් කම්පාවට පත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නායකයන් තිදෙනෙක් ජාතිවාදයට එරෙහිව විරෝධය පල කර තිබේ.

සනත් ජයසුරිය, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ක්‍රිකට් ශූරයන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තම අදහස් පළකර ඇත්තේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව අන්තර්ජාල සේවා සඳහා තහංචි පැනවීමත් සමගය.

මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා පිළිකුල් සහගත බව සනත් ජයසූරිය පවසයි.

“ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවනු දැකීම පිළිකුල් සහගතය, ඔක්කාරය දනවන සුළුය. මම මෙය දැඩිසේ හෙලා දකින අතර  වරදකරුවන් යුක්තිය හමුවට පමිනාවය යුතුය. මේ දුෂ්කර අවස්ථාවේ ඥානාන්විතව එක්ව සිටින ලෙස මම ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් ඉල්ලා සිටිමි,” යි සනත් ජයසූරිය ට්විටර් පණිවිඩයකින් ආයාචනා කර තිබේ.

සදාචාරාත්මක වශයෙන් ශ්‍රී ලාංකිකයන් බිඳ වැටී ඇතිදැයි කුමාර් සංගක්කාර විමසා සිටී.

ශ්‍රී ලාංකිකයන් වශයෙන් එකිනෙකා කෙරෙහි වූ ගැඹුරු ආදරය පිළිබඳ දැක්ම, අඥාන බවින්, වෛරයෙන්, වර්ගවාදයෙන් හා බියෙන් වැසෙන්නට නොදෙන ලෙස කුමාර් සංගක්කාර ඉන්ස්ටග්‍රෑම් වීඩියෝ පණිවිඩයකින් ඉල්ලා සිටී.

ප්‍රචණ්ඩ ක්‍රියා වලට වගකිව යුතු සියලු දෙනා සම්බන්ධයෙන් තරාතිරම නොබලා  පියවර ගැනීමේ අවශ්‍යතාව  මහේල ජයවර්ධන විසින් පල කොට තිබේ.

“මෑත සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා මම දැඩි ලෙස හෙලා දකින අතර ඊට සම්බන්ධ සියලුදෙනාට එරෙහිව ජාතිය ආගම හෝ වර්ගය නොතකා යුක්තිය ඉටු කළ යුතුය. අවුරුදු 25 ක් දිග්ගැස්සුනු සිවිල් යුද්ධයක් මැද වැඩුනු මට ඊළඟ පරම්පරාවත් ඒ අත්දැකීම විඳිනු දකින්නට අවශ්‍ය නැත,” යි මහේල ජයවර්ධනගේ ට්විටර් පණිවිඩයේ දැක්වේ.

අඹතැන්නත් ගිනිගනී – ඇත්ත කතාව මෙන්න (PHOTOS)

 

අද දින, කටුගස්තොට හා අවට ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ගිනි තැබීම් සිදු වී තිබෙන අතර මුහුණු වසාගෙන පිටතින් පැමිණි පිරිසක් අත තිබු බෝම්බයක් ගම්වැසියන් වෙත එල්ලකිරිමේදී අඹතැන්න ප්‍රදේශයේ බෝම්බ පිපිරීමක් සිදුව ඇති බවට වාර්තාවන බව ද අපට වාර්තා වේ…

එම සිදුවීම පිළිබඳව පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවත් අනෙකුත් ප්‍රදේශවල නීතිය හා සාමය ක්‍රියාත්මක බවත් අඹතැන්න සහ අකුරණ ප්‍රදේශයේ දේපල හානි රැසක් පිළිබඳව ද වාර්තා වෙනවා.

එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවක නිවාස සහ වාහනවලට පහරදීම්, ව්‍යාපාරික ස්ථාන ගිනිතැබීම් ආදිය සිදුව ඇති බව සඳහන්.

අඹතැන්න ප්‍රදේශයේ ඡායාරූප පහතින්.

දැන් ඔක්කොම එළිවෙමින් තියෙනවා” – රාජිත

මහනුවර දිස්ත්‍රික්කය පුරා ම හමුදාව යොදවා ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න පවසයි.

 

“මේ ප්‍රදේශය ඉතා විශාල ප්‍රදේශයක්. ඒ හැමතැනම හමුදා යොදවා තියෙනවා. මුළු නුවර ප්‍රදේශයේ ම ඊයේ රෑ වුනේ ඉන්සිඩන්ට් දෙකයි. ඒ වෙලා මොහොතකින් අපේ හමුදාව ඒතැන්වලට ගිහින් කළයුතු දේ කළා. අද උදේ සිදුවුණු යම් ස්ථානවල ඇතිවුණ දේ ඊට වඩා වෙනස් .මොකද ඒ අයට ඇටෑක් කරන්න යද්දී ඒ අයත් රෙස්පොන්ඩ් කරනවා”

අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මේ බව පැවසුවේ, අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

රට තුළ උද්ගතව ඇති තත්ත්වය පාලනය කිරීමට නම් සිංහල හා මුස්ලිම් ජනතාව ඒගැන හිතලා කටයුතු බව ත් එහිදී විජේගුණරත්න මහතා සඳහන් කළේ ය.

මේ අවස්ථාවෙ කතාකරන්න ඕනෑ මේක වැඩිකරන්න නෙවෙයි මේ තත්ත්වය අඩුකරන්න.අඩු කරන්න නම් අපේ ඉන්න සිංහල හා මුස්ලිම් ජනතාව ඒගැන හිතලා කටයුතු කරන්න ඕනෑ.

හදිසී නීතිය ක්‍රියාත්මකව ඇති මොහොතකදී ත් මෙවන් ක්‍රියා සිදුවන්නේ, කෙසේ ද යන්න සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ ය.

අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න ඊට දුන්නේ මෙවන් පිළිතුරකි.

”ඇදිරි නීතිය ඊයේ රෑ තිබුණා. සිදුවීම් දෙකයි වුණේ, අද උදේ අයින් කළා. මේ දැම්මේ පොලිස් ඇඳිරි නීතිය. දැන් ඒ වෙනුවට රජයෙන් නිකුත් කරන ඇඳිරි නීතිය දාලා ප්‍රදේශය පාලනය කරන්න කටයුතු කරනවා”

මේ අතර අග්‍රාමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද කැබිනට් හමුවේදී ප්‍රශ්න කෙරිණ.

කැබිනට් හමුවේදී මාධ්‍යවේදී නැගූ පැනයන්ට සම කැබිනට් ප්‍රකාශකවරයා ලබා දුන් පිළිතුරු පහතින්…..

මාධ්‍යවේදී පැනය : ඊයේ අග්‍රමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කියනවා පොලිස් බුද්ධි අංශවල ක්‍රියාත්මකවීම අඩුමට්ට පැවතුනා ඒකයි මේවගේ තත්ත්වයක් ඇතිවෙන්න හේතුව කියලා?

අමාත්‍ය රාජිත සේනාරත්න: ඒක නිසා තමයි හදිසි නීතිය ප්‍රකාශයට පත් කරලා ත්‍රිවිධ හමුදාව පාවිච්චි කරලා තියෙන්නේ.

මාධ්‍යවේදී පැනය  : මේ වන කොට ආරක්ෂක අංශවල මැදිහත්වීම ගැන ඔබතුමාල තෘප්තිමත් ද ? ඒක ඉස්සරහට වැඩිදියුණු කරන්න මොක ද කරන්නේ.

අමාත්‍ය රාජිත සේනාරත්න: සියලුම දේවල් කරන්න වෙන්නේ ආරක්ෂක අංශ නේ.අවුරුදු 30 යුද්ධයක් අවසන් කළේ ආරක්ෂක අංශනේ. ඒ නිසා අපිට විශ්වාස තියන්න වෙනවා ආරක්ෂක අංශ කෙරෙහි

මාධ්‍යවේදී පැනය : මේකට මැදිහත්වීම් කරන කල්ලි කණ්ඩායම්වලට එරෙහිව කටයුතු කරන්නේ කොහොම ද ඔවුන් අත්අඩංගුවට ගන්නේ කොහොමද?

අමාත්‍ය රාජිත සේනාරත්න: දැනට ඒ පිළිබද වාර්තා එමින් තියෙනවා.මොකද සිද්ධියක් වුණාම එකපාර තේරෙන්නේ සිද්ධියට පිටුපස හිටපු අය එන්නේ නෑ.එදාට අත්අඩංගුවට ගනනේ සිද්ධියට සම්බන්ධ අය.ඒ අයගෙන් ප්‍රශ්න කලාම තමයි එළිවෙන්නේ කවුද ඒ අය මෙහෙව්වේ. කවුද ඒ අයට බස් අරන් දුන්නේ.දැන් කියමින් තියෙනවා ඒ අය. දැන් නොයෙකුත් අයගේ නම් එළිවෙමින් තියෙනවා.

මාධ්‍යවේදී පැනය : ඇමතිතුමා ඒ දේශපාලඥයින්ගේ නම් ද?

අමාත්‍ය රාජිත සේනාරත්න: මන්ත්‍රීවරයෙක් හා මන්ත්‍රීවරයෙක්ගේ ලේකම්වරයෙක්ගේ. ඒ එක්කම තියෙනවා අනිත් අය ප්‍රදේශිය සභා මන්ත්‍රීවරු. මේ ප්‍රධානම සිද්ධින්වලට තවත් දිස්ත්‍රික් සංවිධායකවරයෙක්ගේ නමක්. තවත් ඒම පක්ෂයට සම්බන්ධ භික්ෂුන් වහන්සේ කෙනෙක්. මේ විදිහට නම් එළිදරව් වෙමින් යනවා. පරීක්ෂණ දිගටම කරනවා. ඒ අයගේ කටඋත්තර අනුව තවත් අය අත්අඩංගුවට ගන්නවා. සමාජ වෙබ් අඩවි පිළිබඳ වාර්තා වෙනවා.කවුද ඒව මෙහෙයවන්නේ කියලා. එකෙන් කොටසක් ආණ්ඩුවට විරුද්ධව තව කොටසක් ජාතිවාදය ප්‍රචාරය කරන්න. මේ ඔක්කොම එළිවෙමින් තියෙනවා.

ජාතිවාදය වපුරන මිනිස්සුන්ට පහරදෙන අයවලුන්ට මරණිය දණ්ඩනය දෙන්න සියල්ල සුදානම්…

ජාතිවාදය වපුරන අපරාධකරුවන්ට   මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක කිරීමට රජය අනුමැතිය ලබා දෙන්නේ නම් තම දෙපාර්තමේන්තුව ඒ සඳහා ඕනෑම අවස්ථාවක සූදානම්ව සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා පවසයි. ඒ සඳහා වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය තුළ අංගසම්පූර්ණ එල්ලුම් ගසක් තිබෙන බවද එය ඕනෑම අවස්ථාවකදී ක්‍රියාත්මක කිරීමට හැකි අයුරින් ප්‍රතිසංස්කරණය කර ඇති බවද ඒ මහතා කීය.