මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඊයේ (07) සවස 4.00 සිට අද (08) සවස 4.00 දක්වා පැය 24 ක කාලයක් සඳහා පනවා තිබූ පොලිස් ඇදිරි නිතිය අද පෙරවරු 10.00 අවසන් කිරීමට තීරණය කෙරුණද යලිත් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට යළි පොලිස් ඇඳිරි නීතිය සවස 6.00 සිට පැනවීමට නියමිත බවද සඳහන්.
ඒ අතර මෙම ජාතිවාදී සිදුවීම පසුපස සිටින පිරිස ජනතාව කුපිත කරවමින් අසත්‍ය ප්‍රචාර බෙදාහරිමින් තම මෙහෙයුම සිදුකල ආකාරය ගැන සදහන් පොස්ටුවක් අප වෙත ලැබී ඇත.

විනාශ වූ සිංහල සහ මුස්ලිම් නිවාස රජයේ වියදමින් නැවත ඉදිකිරීමට පියවර…
මේ අතර මහනුවර සහ අවට ප‍්‍රදේශවල ඉකුත් දිනවල ඇතිවූ නොසන්සුන්තා නිසා හානිවූ නිවාස සහ වෙනත් ගොඩනැගිලි රජයේ වියදමින් පිළිසකර කර දීමට හෝ ඉදිකර දීමට රජය තීරණය කර තිබෙන අතර ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කෙරෙනු ඇති බවයි ජනාධිපති කාර්යාලයීය ආරංචි පවසන්නේ.
පෙට්‍රල් බෝම්බ සමග පොහොට්ටුවේ මන්ත්‍රී ඇතුළු 18ක් අල්ලයි
ජාතිවාදය ඇවිස්සෙන අයුරින් විහාරස්‌ථාන වලට සහ පල්ලි වලට පහරදීම සදහා රැගෙන යමින් තිබු පෙට්‍රල් බෝම්බ කිහිපයක් සමග පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඇතුළු පුද්ගලයින් පිරිසක් අලවතුගොඩදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන බව අපට වාර්තා වේ..
ඇඳිරිනීතිය අස්සේ වැඩ දාන්න ගියපු 12ක් අත්අඩංගුවට
ඇඳිරි නීති කොන්දේසි උල්ලංගනය කළ පුද්ගලයින් 12 දෙනකු ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙන අතර ලොහාන් රත්වත්තගේ සහ දිලුම් අමුණුගමගේ දේශපාලන සමීපතමයන්ද ඇතුළු මේ පිරිස දිගන හා තෙල්දෙණිය ප්‍රදේශවලදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ..
සබැදි පුවත්….