කොළොන්නාව, මීතොටමුල්ල කසල කන්දේ කොටසක් කඩා වැටීමෙන් ඊයේ (14) පස්වරුවේ සිදුවු අනතුරෙන් මේ වනවිට පුද්ගලයින් දස දෙනෙකු මියගොස් තිබෙනවා.
කොළඹ ජාතික රෝහලේ ප‍්‍රකාශිකාවක් කියා සිටියේ කාන්තාවන් හය දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 4 දෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි.
ඒ අතර ළමයින්ද සිටින බව අප වෙත වාර්තා වුණා. තුවාල ලැබූ තවත් 11 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි පොලීසිය පවසන්නේ.
ඊයේ පස්වරු 3.00 ට පමණ මෙම ඛේදවාචකය සිදුවුණා. කසල කන්දේ මීටර් 800 ක පමණ කොටසක් කඩා වැටුණු බවයි යුද හමුදාව පැවසුවේ.
බේරා ගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා තවදුරටත් කි‍්‍රයාත්මක වනවා.
[rns_reactions]


















