බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමිට පොදු සමාවක් ලබාදීමට හැකියාව ඇතිදැයි විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පෞද්ගලිකව සාකච්ඡා කරන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා ඊයේ (26) පැවැසීය.
නඩු දෙකකට වරදකරු වී සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ මේ වනවිට රෝගාතුරව රෝහල්ගත කර සිටිති. සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයද ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් සිය මතය ජනාධිපතිවරයා වෙත මීට පෙර ලිඛිතව දන්වා තිබූ අතර තවත් නිකාය කිහිපයකින්ම උන්වහන්සේට එරෙහිව පනවා ඇති දඬුවම පිළිබඳව ජනාධිපතිවරයාට වාචිකව දැනුම්දීම් කර ඇති බව වාර්තාවේ.
ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ රටට ඉතා අත්‍යවශ්‍ය භික්ෂුන් වහන්සේ නමක් බවත් ඒ නිසා එලඹෙන අඟහරුවාදා පැවැත්වෙන කැබිනට් රැස්වීමෙන් පසුව ජනාධිපතිවරයා සමග තමා මේ පිළිබඳව කතා කරන බවද අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා පැවැසීය.