ජාත්‍යන්තර සංචාරක ශ්‍රේණිගත කිරීම් අතර එකසිය හැත්තෑ තුන් වන තැන තිබූ ශ්‍රී දළදා මාලිගාව එම ශ්‍රේණිගත කිරීම් අතර පළමු වන ස්ථානයට මේ වන විට පත් වී ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසුවා.
එම ශ්‍රේණිගත කිරීමෙන් ටජ් මහලද අභිබවා යාමට හැකි වූයේ පරිපාලනය මෙන්ම තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම බවද ඒ මහතා ප්‍රකාශ කළා.
ශ්‍රී දළදා මාලිගාවට සිය නිල වෙබ් අඩවියේ හිමිකාරිත්වයක් නොතිබුණු යුගය වෙනුවට එවකට පැවැති ජනප්‍රිය වෙබ් අඩවි පරදා අද වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නරඹන වෙබ් අඩවිය බවට මෙය පත්ව ඇතැයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑළ මහතා පැවසුවා. තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රචාරය කිරීමේදී ශ්‍රී දළදා මාලිගාව වැඩි දායකත්වයක් උසුලන බවත්, එහිදී නව තාක්ෂණය වැඩිවශයෙන් උපකාර කරගන්නා බවද ඒ මහතා සදහන් කළා.