ටෙස්ට් තරගය අතරතුර අසාධාරණ පන්දු මාරුවට මැද විරෝධය පෑ අපේ සිංහයන්ට වෙන්න යන දේ මෙන්න…

ටෙස්ට් තරගය අතරතුර අසාධාරණ පන්දු මාරුවට මැද විරෝධය පෑ අපේ සිංහයන්ට වෙන්න යන දේ මෙන්න…
Spread the love

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමාවන විට සිය දෙවන ඉනිම කි‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 34ක් රැස් කර ගෙන සිටියා. 

ඊයේ (16) දිනයේදී කොදෙව් කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 300කට සීමා වුණා. ඩෙවෝන් ස්මිත් ලකුණු 61යි. ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිමේදි රැස්කළ ලකුණු සංඛ්‍යාව 253ක්. ඒ අනුව කඩුළු 09ක් අතැතිව සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 13ක් පසු පසින් සිටිනවා. 

මේ අතර පන්දුව මාරු කිරීමට යාමේදී එම පන්දුවේ තත්ත්වය පිළිබඳ ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් ඊයේ පිටියට පිවිසීම ප‍්‍රතික්ෂේප කළා. ගැටලූව විසඳන තුරු ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් පිටියෙන් ඉවත් සිටි අතර ඒ හේතුවෙන් පැය දෙකක පමණ කාලයක් තරගය නතර වී තිබුණා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ අදාළ අවස්ථාවේ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් ගනු ලැබූ කි‍්‍රයාමාර්ගය සම්බන්ධයෙන් යම් ගැටලූවක් මතුවුවහොත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවයි.