තනතුරු වලට ඇමතිවරු පොරකයි… අද කරන්න ගිය වෙනසට බාලගිරි දෝෂය..

තනතුරු වලට ඇමතිවරු පොරකයි…  අද කරන්න ගිය වෙනසට බාලගිරි දෝෂය..
Spread the love

අද දිනයේ සිදුවනු ඇතැයි පැවසූ කැබිනට් මණ්ඩලයේ සංශෝධනය අද (21) සිදු නොවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඊයේ (20) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා නොවූ බවයි ඊට සහභාගී වු එක්සත් ජාතික පක්ෂය මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍යවරුන්ද මාධ්‍ය වෙත ප‍්‍රකාශ කළේ.

කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවීර අතර සාකච්ඡාවක්ද ඉකුත් දා පවත්වා තිබුණා.

ඉකුත් සඳුදා දිනයේදී කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමට අදාළ ගැසට් පත‍්‍රයක් රජයේ මුද්‍රණාලය වෙත යොමු කර තිබූ බවයි මාධ්‍ය වෙත වාර්තා වුණේ. එහෙත් පසුව එය අවලංගු කෙරුණා.