අපරීක්‌ෂාකාරී ලෙස යතුරුපැදියක් තනි රෝදයෙන් ධාවනය කිරීම සහ රියෑදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය යන චෝදනා දෙකට වරදකරු වූ යතුරුපැදිකරුට රුපියල් 50000 ක දඩයක් මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර මහතා නියම කළේය.
දෙවළපොල, බලබෝව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන හෙට්‌ටිආරච්චිගේ සිනෙත් දීපන නමැති යතුරුපැදිකරුට මෙසේ දඩ නියම වූ අතර මිනුවන්ගොඩ පොලිසියේ රථ වාහන අංශයේ පො. කො. ප්‍රේමරත්න (73130) නිලධාරියා පැමිණිල්ල මෙහෙය විය.