තමුසෙට බැරිනම් ඇමරිකාවටම වෙලා ඉන්නවා,තමුසෙ විතරක් නෙමේනෙ රාජපක්ෂලා ඉන්නෙ… මං හරි නාමල් හරි ඒ වැඩේ කරන්නම්

තමුසෙට බැරිනම් ඇමරිකාවටම වෙලා ඉන්නවා,තමුසෙ විතරක් නෙමේනෙ රාජපක්ෂලා ඉන්නෙ… මං හරි නාමල් හරි ඒ වැඩේ කරන්නම්
Spread the love

පසුගිය මැතිවරණ කාලය තුල ඇමරිකාවට ගොස් සිට ඊයේ උදෑසන මෙරටට පැමණි හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා විසින් මාධ්‍යට පවසා ඇති  “මම ඇමරිකානු පුරවැසියෙක්. මට ශ්‍රී ලංකාවේ අගමැති වෙන්න බෑ“ යන ප්‍රකාශය නිසා මේ වන විට පොහොට්ටුව ඇතුලත විශාල ප්‍රශ්න රාශියක් ඇතිවී ඇති බව නෙළුම් මාවත කාර්යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වල සඳහන් වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරා වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙම ප්‍රකාශයට උරණ වූ බැසිල් රාජපක්ෂ මහතා මේ හේතුවෙන් ගොඨාභය වෙත දැඩි දොස් මුරයක් දමා ඇති බවට ආරංචි ලැබී ඇති අතර බැසිල් විසින් “තමුසෙට බැරිනම් ඇමරිකාවටම වෙලා ඉන්නවා,තමුසෙ විතරක් නෙමේනෙ රාජපක්ෂලා ඉන්නෙ… මං හරි නාමල් හරි ඒ වැඩේ කරන්නම්.. මේ අමාරුවෙන් පාදගත්තු වාසනාව නැතිවෙන විදිහෙ මෝඩ කතා කියන්න එපා  ” යයි පවසා ඇති බව නෙළුම් මාවතේ විශ්ෂ ඔත්තු කරු සඳහන් කරයි.