අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 28 දා කිළිනොච්චියට පැමිණි අවස්‌ථාවේදී ප්‍රදේශවාසීන් විසින් විවිධ ඉල්ලීම් කරමින් අග්‍රාමාත්‍යවරයාට භාරදුන් ලිපි විශාල ප්‍රමාණයක් නගරයේ ක්‍රීඩාංගණයක තිබී ප්‍රදේශවාසීන්ටම හමු වී තිබේ.
මේ ලිපි අතර කිළිනොච්චියේ පොදු අවශ්‍යතා ඉටු කර දෙන ලෙස ඉල්ලීම් කරමින් අග්‍රාමාත්‍යවරයා වෙත ලියන ලද ලිපි මෙන්ම රැකියා ඉල්ලා අග්‍රාමාත්‍යවරයාට භාර දුන් ලිපිද වෙයි.
මෙම ලිපි අහුලාගත් විශාල පිරිසක් එම ලිපි නැවතත් කිළිනොච්චියේ ප්‍රාදේශීය දේශපාලනඥයින් වෙත භාර දී ඇත්තේ හොදහැටි ජාතිය ඇමතීමෙන් පසුව බවද අපට වාර්තා වෙයි.






