තම රුව සිතුවම් නොකරන ලෙස ජනපති ගෝඨා ඉල්ලයි

තම රුව සිතුවම් නොකරන ලෙස   ජනපති ගෝඨා ඉල්ලයි
Spread the love

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූප හෝ අතින් සිතුවම් කරන ලද ජනපතිවරයාගේ රුව ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය නොකරන්නැයි ජනාධිපති මාධ්‍ය අංශ අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

ජනාධිපතිවරයාගේ රුව චිත්‍රණයත් එසේ සිතුවම් කරන ලද ආලේඛ්‍ය චිත්‍ර (Portrait) සහ ඡායාරූප අධීක්ෂණයකින් තොරව මග දෙපස සහ උත්සව භූමිවල ප්‍රදර්ශනයත් සිදුවන බව නිරීක්ෂණය කර ඇත.

තමාගේ රුව සිතුවම් කරන පිරිස් වෙත ස්තූතිය පුද කරන රාජපක්ෂ ජනාධිපතිවරයා එසේ කිරීමෙන් වැළකීම මැනවැයි පවසයි. පුද්ගල ප්‍රතිරූප ප්‍රවර්ධනය තමා අගය නොකරන බව ජනපතිවරයා කියා සිටී.