තරංග පරණවිතාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

තරංග පරණවිතාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී
Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලද ඉදිරි පෙළ පිතිකරුවකු වන තරංග පරණවිතාන සිය අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර තිබේ. ඒ පිළිබඳව තරංග විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ පරණවිතාන තම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යන විට 38 හැවිරිදි වියේ පසුවන්නේය. ටෙස්ට් තරග සඳහා විශේෂඥ පිතිකරුවකු ලෙසින් කටයුතු කළ පරණවිතාන ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 32 කට සහභාගිවී තිබේ.