තරගයේ ආවේගයට විවේකාගාරයේ දොර කැඩු බංගලි නායක ශකීබ් ශ්‍රී ලංකාවට වන්දි ගෙවයි….

තරගයේ ආවේගයට විවේකාගාරයේ දොර කැඩු බංගලි නායක ශකීබ් ශ්‍රී ලංකාවට වන්දි ගෙවයි….
Spread the love
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ හානි වූ ක්‍රීඩක විවේකාගාරයේ දොර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මුදල් ලබාදී තිබෙනවා. ඒ සඳහා වැය වී ඇති මුදල රුපියල් එක් ලක්ෂ 47,000ක්. 

දොරට හානි සිදුව ඇත්තේ බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් දොර විවෘත කිරීමට යාමේදී එය වේගයෙන් බිත්තියේ හැපීමෙන් බවයි අනාවරණ වුණේ. ක්‍රීඩක විවේකාගාරයට ආහාර සැපයූ හෝටල් සේවකයෙකු ලබාදුන් කටඋත්තරයක් මෙම කරුණු හෙළිකර ගෙන තිබෙනවා. ක්‍රීඩක විවේකාගාරයේ සී.සී.ටී.වී කැමරා පද්ධතියක් නොතිබූ බවද සඳහන්.
 
නිදහස් කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයේ දී මෙම සිද්ධිය වාර්තා වුණා.