තරුණයන්ට තැන අහිමි වෙද්දී තරුණ කටයුතු ඇමතිකම ලැබුණු අවුරුදු 69 යේ තරුණයා මෙන්න…!!!

තරුණයන්ට තැන අහිමි වෙද්දී තරුණ කටයුතු ඇමතිකම ලැබුණු අවුරුදු 69 යේ තරුණයා මෙන්න…!!!
Spread the love

මෙවර කැබිනට් සංශෝදයේදී තරුණ දේශපාලඥයින් හට ප්‍රභල අමාත්‍යංශ ලබා දෙන බවට රනිල්ගේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ආරංචි මාර්ග පසුගියදා සඳහන් කර තිබුණු අතර ඒ අනුව හරීන් ප්‍රනාන්දු,ලකී ජයවර්ධන,සුජීව සේනසිංහ,බුද්ධික පතිරණ යන අයගේද නම් යෝජනා කර තිබූ බවයි වාර්තා වුනේ.කෙසේ වෙතත් අද සිදුවූ නව කැබිනට් සංශෝදනයේදී බලාපොරොත්තු වූ ලෙස තරුණ මන්ත්‍රීවරුන්ට එවැනි අවස්තාවක් නොලැබීම කැපී පෙනුනා.

එසේම නව නව කැබිනට් සංශෝධනයට අනුව යෞවන කටයුතු සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය හිමිවුනේ පියසේන ගමගේ අමාත්‍යවරයා වෙතයි. 1949 ජනවාරි මස 10 වන දින උපත ලැබූ පියසේන ගමගේ අමාත්‍යවරයා මේ වන විට 69 වන වියේ පසුවන අතර පියසේන ගමගේ අමාත්‍යවරයාට තරුණ කටයුතු අමාත්‍ය ධූරය ලැබීම සමාජ ජාලා තුල මෙන්ම බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා.