“තරුණයන්ට බලවත් ඇමතිකම්” කැබිනට්ටුවේ ප්‍රබල වෙනසක්, ඇමතිකම් නැති වෙන්නේ කාටද ?

“තරුණයන්ට බලවත් ඇමතිකම්” කැබිනට්ටුවේ ප්‍රබල වෙනසක්, ඇමතිකම් නැති වෙන්නේ කාටද ?
Spread the love

වත්මන් රජයේ දෙවැනි අමාත්‍ය මණ්‌ඩල සංශෝධනය අද (21) හෝ හෙට (22) සිදු කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.
 
ඒ අනුව මුදල්, නීතිය හා සාමය, මහා මාර්ග, ධීවර හා ජලජ සම්පත්, ක්‍රීඩා, විද්‍යා හා තාක්‍ෂණ යන අමාත්‍යාංශවල වෙනස්‌වීම් සිදු කෙරෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
 
ජාතික ආණ්‌ඩුවේ එක්‌සත් ජාතික පක්‍ෂයට හිමි ඇමැති ධුර එම පක්‍ෂය තුළමත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට හිමි ඇමැති ධුර එම පක්‍ෂය තුළමත්  හුවමාරු වීමක්‌ මෙහිදී සිදු කෙරෙන බවද ප්‍රධාන පක්‍ෂ දෙක අතර ඇති අවබෝධතා ගිවිසුම අනුව කැබිනට්‌ සංශෝධනය සිදු කෙරෙන බවද සදහන්. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය මත මෙම කැබිනට්‌ සංශෝධනය සිදු කිරීමට නියමිතය.
 
මෙම කැබිනට්‌ සංශෝධනයේදී තරුණ මන්ත්‍රීවරුන්ට ප්‍රබල ඇමැතිකම් ලැබීමට ඉඩ ඇති අතර ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ ඇමැති තනතුරු අහිමිවීමේ අවධානමක් මතුව තිබෙන බවද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරනවා.