රජය අපහසුතාවයට පත් කරන සහ අසත්‍ය තොරතුරු පතුරවන සමාජ මාධ්‍ය ජාලා 80ක් ගැන තොරතුරු අනාවරණය වී ඇති බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති,සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න සදහන් කරනවා.
මෙයින් මාධ්‍යජාලා 40 ක් ජාතිවාදය වපුරන්නට සකස් කළ ඒවා බවත් ඉතිරි 40 ආණ්ඩු විරෝධී ප්‍රචාර සිදු කිරීමට යොදාගැනීමට සකස් කර ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබෙන බව ද ඇමැතිවරයා පවසනවා.
ඒ මාධ්‍යජාලා සම්බන්ධයෙන් වූ ගූගල් සිතියම පවා දැන් ලැබී තිබෙන අතර මේ සම්බන්ධයෙන් රජය කඩිනමින් පරික්ෂණ ආරම්භ කෙරෙනු ඇතැයිද ඇමැතිවරයා අවධාරණය කළා.
ළඟදී අටවා ගත් දේශපාලන පක්ෂයක කණ්ඩායමක් මෙය සංවිධානය කර ඇති බවත් තරුණ කණ්ඩායම් සඳහා මුදල් ගෙවා ඒ වෙනුවෙන් යොදවා ඇති බවයි ඇමැති රාජිත සේනාරත්න වැඩිදුරටත් පැවසුවේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ(20) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළා.