තවමත් පිතිකරුවන් දන්නේ නෑ තරගයක් දිනන්නේ කොහොමද කියලා. ඒ නිසයි අපි පැරදෙන පැත්තේ ඉන්නේ

තවමත්  පිතිකරුවන් දන්නේ නෑ තරගයක් දිනන්නේ කොහොමද කියලා. ඒ නිසයි අපි පැරදෙන පැත්තේ ඉන්නේ
Spread the love

සත්කාරක නවසීලන්තය හා පැවැති විස්සයි20 තරගය පරාජයට පත්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලසිත් මාලිංග සඳහන් කළේ තරගයක් ජයග්‍රහණය කරන අයුරු තවමත් පිතිකරුවන් නොදන්නා බවයි.

එසේම පන්දු යවන්නන් අද තරගයේදි සිය රාජකාරිය මැනවින් ඉටු කළ බවත් ඔහු පැවැසීය.

“අපි පන්දුවාර 16ක් හොඳන් පන්දු යැව්වා. නමුත් මේ පිටියේ (ඔක්ලන්ඩ්) ලකුණු 180ක් රැස්කළ හැකියි. මම හිතනවා තවමත්  පිතිකරුවන් දන්නේ නෑ තරගයක් දිනන්නේ කොහොමද කියලා. ඒ නිසයි අපි පැරදෙන පැත්තේ ඉන්නේ.

අපි හැමවෙලාවෙම වෙනස්වීම් ගැන මෙම තත්ත්වයන් ගැන කථා කරනවා. පන්දු යවන්නන් අද හොඳින් කළා. මිනිස්සු දැන ගන්න ඕන කොහොමද තරගයක් දින්නේ කියලා හා කොහොමද ඉර පනින්නේ කියලා.”