නදීෂා හේමමාලිගේ විවාහයෙන් පසුව වැඩිය ඇය ගැන කතා බහ කරන්න ලැබුණේ නැහැ. නමුත් දැන් නැවතත් ඇය ගැන බොහෝ දෙනා කතා වන්නේ සංකල්ප දසනායකගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වී මේ දිනවල තිරගත කෙරෙන යම රජ සිරි චිත්‍රපටය නිසයි. එහි ධනවත් පවුලක එකම දියණිය ලෙස ඇය චරිතයකට දායකව සිටින්නීය.
මේ කාලයකට පසුව එලෙසින් අප හමුවට එන නදීෂා කතාබහකට ලක් වූ අයුරුයි.
නදීෂා පෙනෙන්නට නැහැ. ඒත් කාර්යබහුලයි වගේ ?
ඔව්. ජූලියා චිත්‍රපටයෙන් පසුව තමයි යම රජ සිරි චිත්‍රපටය සමග එක් වුණේ. එහි ප්‍රවර්ධන කටයුතුවලට දායක වෙනවා. පසුගිය වසර කීපයකට පසුව එක් වූ ප්‍රථම ප්‍රහසන චිත්‍රපටය මෙයයි.
ජූලියාගෙන් පසුව චිත්‍රපටයකට රගපෑවේ නැද්ද ?
ඉන්දීය තෙළිගු චිත්‍රපටයක රගපෑවා. එය ඉන්දියාවේ දී තිරගත වුණා.
එය ලංකාවේ තිරගත වුණේ නැද්ද ?
මෙහි තිරගත කරවීමට මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඉදිරියේදී අපි ඒ ගැන බලමු.
කොහොම ද යම රජ සිරිට ලැබෙන ප්‍රතිචාර ?
හොද ප්‍රතිචාර ලැබෙන්නේ. දැනට බොහෝ දෙනා එය නරඹා රස විද ඇති බව පෙනෙනවා. පවුල් පිටින් ගිහින් ආදරයෙන් රස විදින බව පෙනෙනවා. බන්දු ටෙනී විකට රජුන් දෙදෙනා සෑහෙන කාලයකට පසුවයි මෙලෙසින් චිත්‍රපටයකට එකට එක්ව සිටින්නේ.
ඔබට පුද්ගලිකව ලැබෙන ප්‍රතිචාර මොන වගේ ද ?
මගේ ප්‍රථම ප්‍රහසන චිත්‍රපට අත්දැකීමයි. ප්‍රහසන චිත‍්‍රපටයක් වුණත්, මගේ චරිතය එහි වෙනස්. ධනවත් පවුලක එකම ගැහැනු දරුවා ලෙස තමයි මම රගපාන්නේ. එකම දේ ටෙනිසන් බන්දු නමැති වත්මන් සිනමාවේ විකට රජුන් දෙදෙනා එක්ක එකට රගපාන්න ලැබීමම. හරි අපූරු අත්දැකීමක් වුණා. සමහර අවස්ථාවලදී හිනාව නවත්වා ගන්න බැරිව මම හරි අපහසුතාවට පත් වුණා. බන්දු ටෙනීගේ සටන් ජවනිකා එහෙම දැකලා බට පැළෙන තරමට හිනා.
ටේක් එකේදි යම රජ සිරි නිල්නයනි චරිතය සහ සැබෑ ජීවිතයේ ඔබ අතර වෙනස ගැන කතා කළොත් ?
එයා ධනවත් පවුලක තරුණියක ලෙස හැමෝටම උදව් කරනවා. පවුලේ එකම දරුවා. සැබෑ ජීවිතයේ මගේ චරිතය හා ඒ චරිතය වෙනස්. මම වෘත්තීය රංගන ශිල්පිනියක්. සැබෑ ජීවිතයයි ඒ චරිතයයි අතර තියෙන්නේ ලොකු වෙනසක්. චිත්‍රපට ක්‍ෂේත්‍රයේදී මේ විදියට විවිධ රසාස්වාදය ඇති චිත‍්‍රපට වගේම චරිත රගපෑමටත් ඉතින් චරිතය කුමක් වේවිද කියලා කියන්න බැහැ. හැබැයි රංගනයේදී එදා ඉදලාම මට අවශ්‍ය වුණේ චරිතාංග රංගන ශිල්පිනියක ලෙස කටයුතු කිරීමටයි.
ටෙලිනාට්‍යවලදීත් ප්‍රහසන චරිතවලට ආරාධනා ලැබුණා ද ?
විවිධ චරිතවලට ආරාධනා ලැබුණා. නමුත් මට තියෙන ලොකුම ප්‍රශ්නය වුණේ දුර බැහැර ප්‍රදේශවලට ගිහින් දීර්ඝ කාලයක් රුදී සිටීමේ මැලිකමයි. අදටත් ඒ මැලිකම මට තියෙනවා. නමුත් චිත්‍රපටයකදී එය වෙනස්. එය නවත්වා ගන්නේ බොහෝම අසීරුවෙන්. ඇත්තටම ඒ ප්‍රහසනය සියැසින් රූගත කිරීම්වලදී දැකලා මුලින්ම හිනා වුණේ මම. ඉතින් ප්‍රේක්ෂකයන්ට මෙය රස සාගරයක් කියලයි මට හිතෙන්නේ. මේ විනෝදාස්වාද චිත්‍රපටයේ සුරාජ් මාපා ගරු රගපෑමක් කරනවා. ඒ ගැනත් සිහිපත් කරන්න ඕනෑ.
නදීෂා මේ ප්‍රබෝධයත් එක්ක දිගටම ප්‍රහසනවල රගපාවි ද ?
මගේ වෘත්තීය රංගනයයි. මම හරි ආසයි. නියමාකාර ස්වයංපෝෂිත සිනමාවක් බිහි වන්නේ එවිටයි.
නදීෂාගේ ගෙවී යන ජීවිතේ කොහොමද ?
හොදයි, සුන්දරයි ජීවිතයේ ගෙවෙන සෑම තත්ත්පරයකදීම එය අර්ථවත් කර ගැනීමට පුළුවන් නම්. ජීවිතය අපට දැනේවි. එකාතකට ජීවිතය කියන්නේ හරිම අමුතු ප්‍රශ්න පත්තරයක්. නමුත් අදහන ආගම දහමට අනුව ජීන්‍ත් වුණොත් ජීවිතය මොකක්ද කියලා වටහා ගන්න පුළුවන් වේවි. ජීවිතය මොකක්ද කියලා වටහා ගන්න පුළුවන් එකම දේ තමයි ආගම දහම වටහා ගැනීම.