ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට ජනපති ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට ජනපති ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය
Spread the love

සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උරුමයක් වූ අතිපාරිශුද්ධ ථෙරවාද ත්‍රිපිටකය, ලෝක උරුමයක් බවට පත්කිරීමේ අරමුණින් යුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.  

ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය 2019 ජනවාරි මස 05 වන දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික මාතලේ අලූවිහාරයේ දී පැවැත්විණි. ථෙරවාදී ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට ප්‍රකාශයට පත් කළා සේම, එය ලෝක උරුමයක් බවට පත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම ද තමා ඉදිරියේ දී සිදු කරන බවට ජනාධිපතිවරයා එම අවස්ථාවේදී කළ ප්‍රකාශය අනුව ඒ සඳහා වන කැබ්නට් යෝජනාව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරිණි.

එම යෝජනාවට ඊයේ (14)  දින කැබිනට් අනුමැතිය හිමි වූ අතර ඉදිරියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතය.