ත්‍රීවීල් රියැදුරු වයස කැබිනෙට්ටුවෙන් විසිවෙයි

ත්‍රීවීල් රියැදුරු වයස කැබිනෙට්ටුවෙන් විසිවෙයි
Spread the love

මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ රියැදුරන් සඳහා අවම වයස් සීමාවක් පැනවීම අවශ්‍ය නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩලය වෙත ඊයේ (21) පවසා තිබේ. සතියේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (21) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ ජනාධිපතිවරයා එම අදහස් පවසා තිබේ. මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ රියැදුරන්ට අවම වයස අවුරුදු 35 ක්, උපරිම වයස අවුරුදු 70 ක් බව සඳහන් කරමින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් මීට පෙර ගැසට් නිවේදනයක් පළකර තිබුණි.

අදාළ නීතිය බලාත්මක කරන දිනය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද දිනයේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.

මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ එවැනි නීතියක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නොවන බවයි.

මේ අතර ත්‍රිරෝද රථ නියාමනය සඳහා විශේෂ ආයතනයක් පිහිටුවිය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.