රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ තැපැල් අමාත්‍යවරයා අතර පසුගිය දින දෙකේ පැවති සාකච්ඡාවලදි පැමිණි එකඟතාවන් මත සහ ඉදිරි මැතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ වගකීම් ඉටුකිරීම සඳහාත් ඡන්දය අවසන්වූ වහාම තම ඉල්ලීම් ලබා දීමට ලබා දුන් පොරොන්දුත් සැලකිල්ලට ගනිමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමය ඊයේ (10) මධ්‍ය රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ තැපැල් සේවක වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.
යම් හෙයකින් ඉල්ලීම් ලබාදීම මගහැරීමට කටයුතු කළහොත් නැවත වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට සිදුවන බවද කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.
තැපැල් වර්ජනය නවතී… ඡන්දය අවසන්වූ වහාම ඉල්ලීම් ලබා දීමට ඇමතිගෙන් පොරොන්දුවක්
