තිසර අතින් කුසලාන සිහිනය ගිලිහෙයි! – හදවත් නතර කළ එම උඩපන්දු දෙකේ වීඩියෝව මෙන්න!

Spread the love

ශූරයින්ගේ කුසලානය පිළිබඳ සියලු බලාපොරොත්තු අත්හරින්ට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදුවිය.

ඒ පාකිස්ථානය හා පැවති තරඟය කඩුලු 3කින් පරාජය වීම හේතුවෙනි.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී ලකුණු 236ක් රැස් කළේය.

විටෙක කඩුලු 3ක් දැවී ලකුණු 160ක් රැස් කරගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 236කට සීමා කිරීමට පාකිස්ථානු වේගපන්දු යවන්නන් සමත් වූයේ ඉතිරි කඩුලු 7ම ලකුණු 76කට දවාලිමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල එහිදී අර්ධ ශතකයක් වාර්තා කළේය.

අනතුරු පිටියට පිවිසි පාකිස්ථානු කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබාගත් අතර ෆකාර් සාමන් වේගවත් අර්ධ ශතකයක් රැස් කළේය.

කෙසේ වෙතත් පාකිස්ථානු මැද පෙල පිතිකරුවන්ට සාර්ථක වීමට නුවන් ප්‍රදීප් ප්‍රමුඛ ශ්‍රී ලංකා වේගපන්දු බලඇණිය කණ්ඩායම ඉඩ නොදුන්නේය.

නුවන් ප්‍රදීප් එහිදී ලකුණු 60කට කඩුලු 3ක් දවාලීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම ඊයේ පරාජයට හේතුවක් විය.

පාකිස්ථානු කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගිය නායක සෆ්රාස් අහමඩ් ලසිත් මාලිංගගේ පන්දු හමුවේ තිසර පෙරේරාට හා සීකුගේ ප්‍රසන්නට ලබාදුන් පහසු උඩපන්දු දෙකක් ගිලිහි යාම ඊයේ තරඟය ශ්‍රීලංකාව පරාජය වීඹට විශාල හේතුක් විය.

ඒ අනුව ශ්‍රීලංකා කණ්ඩායමට ශූරයින්ගේ කුසලානයෙන් ඉවත්වීමට සිදුවූ අතර පාකිස්ථානු කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේය.

තිසර පෙරේරා සහ සීකුගේ ප්‍රසන්න අතින් උඩපන්දු ගිලිහී ගිය අයුරු පහතින් නරඹන්න

 

තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න

 

[rns_reactions]