විදෙස් ගමන් තහනමකට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාටඕස්ට්‍රේලියාවට යාම සඳහා මහාධිකරණය අද අවසර ලබා දුන්නා.
ඒ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ව්‍යාජව සැකසූ ලේඛනයක් සත්‍ය ලේඛනයක් ලෙස ඉදිරිපත් කිරීමේ චෝදනා යටතේ අධිකරණය විසින් පනවා තිබූ විදෙස් ගමන් තහනම අද මහාධිකරණය විසින් නැවත සළකා බැලූ අවස්ථාවේදී.
තිස්ස අත්තනායක මහතා ඕස්ට්‍රේලියාවේ සිටින ඔහුගේ දියණිය බැලීමට යාම සඳහා මෝසමක් මගින් මහාධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණා.
ඒ අනූව මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් මේ මස 23 වැනි දා සිට ලබන මස 12 වැනි දා දක්වා විදෙස් ගතවීමට අද අවසර ලබා දුන්නා.
[rns_reactions]