තීරණාත්මක බල අරගලය අතරේ මල්වතු මහා නාහිමිගෙන් ජනපතිට හා අගමැතිට ලිපි

තීරණාත්මක බල අරගලය අතරේ මල්වතු මහා නාහිමිගෙන් ජනපතිට හා අගමැතිට ලිපි
Spread the love

මල්වතු පාර්ශ්වයේ මහා නාහිමි අතිපූජ්‍ය තිබ්බට්ටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.

උන්වහස්සේ ලිපියක් මගින් පෙන්වා දී ඇත්තේ රට තුළ ව්‍යාකූලත්වයක් හා අස්ථාවර භාවයක් ඇති නොවන ආකාරයට රාජ්‍ය පාලනය මෙහෙයවීම රජයේ වගකීමක් බවයි.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු රට තුළ ඇති වී ඇති තත්ත්වය ජනතාවගේ අභීවෘද්ධිය, යහපැවත්මට හා සමගියට මෙන්ම සහජීවනයට ද බාධාවක් විය හැකි බවයි මහා නාහිමියන් සිය ලිපිය මගින් සඳහන් කර තිබෙනවා.

මල්වතු පාර්ශ්වයේ මහා නාහිමි අතිපූජ්‍ය තිබ්බට්ටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය පහතින් දකින්න.