පසුගියදා කවුඩුල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තුරුළට වී සුරතල් බස් දොඩමින් සිටි දිනුල්‍යා චනාදි දි්‍යණියගේ සුවදුක් විමසා බැලීම සඳහා ජනධිපතිවරයා (01) පස්වරුවේ ගොස් තිබුණා
මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති වැඩසටහන් රැසකට සහභාගී වූ ජනාධිපතිතුමා ඉතා කාර්යබහුල දෛනික කාලසටහනක් අතර වෙහෙස වී සිටියද, මහත් සෙනෙහසින් යුතුව දැරිය සමග කථා බහක නිරත වන ආකාරය දකින්නට ලැබුණා.
දරුවන් දෙදෙනෙකුගේ පවුලේ වැඩිමලා වූ දිනුල්‍යා චනාදි දැරිය බහ තෝරන වයසේ පටන් ජනාධිපතිතුමා රූපවාහිනියේ දකින හැම මොහොතකම සිනාසෙමින් සහ නොයෙකුත් දේ කියමින් එම වැඩසටහන් නරඹන බව ඇගේ දෙමව්පියන් පවසනවා.
පසුගියදා ජනාධිපතිතුමා මැදිරිගිරිය, කවුඩුල්ල ප්‍රදේශයට පැමිණෙන බව දැන ගැනීමත් සමග ජනාධිපතිතුමා බැලීමට යමු යැයි සිය පියාට ඇවිටිලි කළ දැරිය පියා සමග එම ස්ථානයට ගිය ද වේදිකාව අසලට යාමට උත්සාහ කල අවස්තාවේදී ආරක්ෂක නිළධාරීන් විසින් එය නතර කර තිබෙනවා. නමත් එකවර සෙනග අතරින් දිව ආ දැරිය දුටු ජනාධිපතිතුමා විසින් එය වළක්වා එම සුරතල් දියණියට තමා වෙත ඒමට ඉඩ සළස්වා තිබෙනවා.
එම මතකයත් සමග ඊයේ දින දිනුල්‍යා චනාදි දැරියගේ නිවසට ගොඩවැදුණු ජනාධිපතිතුමාට මෙම පුංචි දියණියගේ හමුවීම පිළිබද පළකෙරුණු පුවත් පත් වාර්තා කිහිපයක්ද දැකගැනීමේ හැකියාව ලැබුණා.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්.