තෙල්දෙණියේ ගින්නෙන් කොළඹත් රත්වෙයි! මුස්ලිම් ජනතාව මහ රෑ මහපාරට ඇවිත් ඉල්ලපු දේ මෙන්න…

තෙල්දෙණියේ ගින්නෙන් කොළඹත් රත්වෙයි! මුස්ලිම් ජනතාව මහ රෑ මහපාරට ඇවිත් ඉල්ලපු දේ මෙන්න…
Spread the love

තමන්ගේ ජාතියට අයත් පිරිස් වෙනුවෙන් සාමය ආරක්ෂා කර දෙන ලෙසත් මහනුවරදී විශාල පිරිසක් පැමිණ නැවත කරදරයක් කරන්නට ආවොත් කරකියාගන්නට දෙයක් නැතිව අසරණ තත්වයට පත්වන බවත් දක්වමින් ඊයේ මහනුවරට ඇදිරි නීතිය දැමූ අවස්ථාවේ කොළඹ කොල්ලුපිටියේ මුස්ලිම් පල්ලිය ඉදිරිපිටට රැස්වූ මුස්ලිම් ප්‍රජාව අරලිය ගහ මන්දිරය දෙසට ගමන් කරමින් රජයට සිය ඉල්ලීම් ඉදිරිපත් කර සිටියා.

මේ අතර මෙම උද්ඝෝෂණයෙන් පසුව මහනුවර දිගන, තෙල්දෙණිය ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් නීතිය හා සාමය ඇමති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග හදිසි සාකච්ඡාවක් ඊයේ මධ්‍යම රාත්‍රියේ අරලිය ගහ මන්දිරයේදී සිදු කර ඇති බවට වාර්තා පළවේ.

මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට ක්‍රියාමාර්ග ගන්නැයි ඔවුන් අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත.

පල්ලිය ඉදිරිපිටදී සිදු කළ විරෝධතාවයේ වීඩියෝව පහතින්