මුස්ලිම් බීමත් ත්‍රීවීල් තරුණයන් සහ කුමාරසිංහ අතර ගෝරියෙන් පසු කුමාරසිංහ රෝහල් ගත වී ඇත්තේ ඔහු විසින්ම පොලිසියට පැමිණ ඒ පිළිබඳ පැමිණිල්ලක්ද දැමීමෙන් අනතුරුවය. ඒ පෙබරවාරි 22 දා ය. ඒ අවස්ථාවේ දී ඔහුට මාරාන්තික ප්‍රහාරයක් සිදුව නොතිබි බව පොලිසිය කියයි. තෙල්දෙණිය රෝහලට ඇතුලත් වන ඔහු ඉන් දින කිහිපයකට පසු හදිසියේම රෝගී තත්ත්වය උත්සන්න වී යැයි පවසමින් මහනුවර රෝහලට මාරු කරන අතර ඔහු මිය යන්නේ මාර්තු 3 වෙනිදා මහනුවර රෝහලේ දී ය. තෙල්දෙණිය රෝහලේ දී ඔහු හොඳින් නිවසින් ගෙනා කෑම පවා අනුභව කළ බව දෙමාපියෝ පවසති.
මෙම මරණය පිලිබඳව රහස් පොලිසියට සැක කටයුතු කාරණා රාශියක් හෙළි වී ඇති නමුත් මේ අවස්ථාවේ දී ඒවා හෙළි කිරීම පරීක්ෂණ වලට බාධාවක් විය හැකි බැවින් පසුවට කල් දමමු.
මෙම තරුණයා අමු ජාතිවාදී භික්ෂුවක් වන මඩකලපුවේ මංගරාමයේ සුමනරතනගේ ඥාතියෙකු බව මේ වන විට හෙළි වී තිබේ. මරණයත් සමග මඩකලපුවේ සිට තෙල්දෙණියට පැමිණි සුමනරතන ජනතාව ප්‍රකෝප කළ බවට සාක්ෂි තිබේ.
කුමාරසිංහ මිය යෑමත් සමග ඔහුට පහර දුන් සීසීටීවී දර්ශන සහිත වීඩියෝ ප්‍රදර්ශනය කරමින් ප්‍රථමයෙන්ම ජනතාව කුලප්පු කර ඇත්තේ දෙරණ සහ හිරු රූපවාහිනී නාලිකා වේ.
අත් අඩංගුවට පත්ව ඇති මහනුවර ප්‍රහාර සැලසුම් කළ පුද්ගලයන්ගෙන් මේ වන විට කරගෙන යන ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් ගිරවුන් මෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් හෙළිදරව් කර ඇත. ඒ අනුව කුමාරසිංහගේ මරණය 3 වෙනිදා සිදුවීමට පෙර ඔහු රෝහලේ සිටියදීම මුසල්මානුවන් ඉලක්ක කළ ප්‍රහාර සැලසුම් කර ඇති බව හෙළි වී තිබේ.
මෙම ප්‍රහාර සැලසුම් කළ වුන් අතර ලොහාන් රත්වත්ත සහ දිලුම් අමුණුගම ගේ නම් මේ වන විට හෙළිදරව් වී ඇත.
මේ අතර දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින මහසෝන් බළකායේ අමිත් වීරසිංහ ඇතුළු කණ්ඩායමේ සුවදුක් විමසීමට ඊයේ (24) බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර අනුරාධපුර බන්ධනාගාරයට ගොස් තිබිණ. ජනාධිපති සිරිසේන සමග ජපානයට ගිය ඥානසාර යලි ලංකාවට පැමිණ සිටී.

