තෙල්දෙණිය උණුසුම් කළ මනුෂ්‍ය ඝාතනයේ ඇත්ත හේතුව මුල සිට අගට මෙන්න…(Photo/Video)

තෙල්දෙණිය උණුසුම් කළ මනුෂ්‍ය ඝාතනයේ ඇත්ත හේතුව මුල සිට අගට මෙන්න…(Photo/Video)
Spread the love

රටම කතාවෙන දේශපාලන අරගලයකින් ආරම්භ වූ තෙල්දෙණිය සිදුවීමට මේ වනවිට විවිධ අන්දමේ අර්ථ කතන ලැබෙමින් තිබෙන මොහොතක එම සිදුවීම පිලිබදව හැමෝම සගවන ඇත්ත කතාව  අපට වාර්තා වන ආකාරයට මෙසේය…..

මෙම සිදුවීමට පදනම් වී ඇත්තේ පොහොට්ටුවේ සාමාජිකයන් පිරිසක් සහ එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් අතර සිදුවු ගුටි බැට හුවමාරුවක් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත..  නමුත් ජාතිවාදී මුහුණුවර මතුකිරීම සදහා එය යටපත් කිරීමේ උත්සහයක් ක්‍රියාත්මක වෙමින් ඇත.

 

පසුගිය මැතිවරණ සමයේ මැතිවරණ ප්‍රචාරන කාල සමය තුල සිදුවු සිදුවීමක අළු යට තිබු ගිණි පුපුරු යලි මතුවීමක් ලෙස මෙම සිදුවීම හැදින්විය හැක.

මෙහිදි මැතිවරණයට පෙර පොහොට්ටු පාක්ෂිකයන් පිරිසක් සමග තිබු ආරෝවක් යලි මතුවී වචන හුවමාරුව දුරදිග යාමෙන් මෙම ගැටුම ඇතිවී ඇත.

ගැටුම ආරම්භයේදී එම ස්ථානයේ සිටි පොහොට්ටු සාමාජිකයන් ගැටුම වර්ධනය වෙත්ම එම ස්ථානයෙන් පලා යත්ම තනිවු එක් තරුණයෙක්ට එජාප පාක්ෂිකයන් පිරිස පහර දී ඇත.

මෙය කිසිසේත්ම ජාතිවාදි ගැටුමක් නොවුවද කල දුටුකල මලමිණි අතරින් හෝ බලය ලබාගැනීමට උත්සහ දරන ප්‍රදේශයේ සිටින පොහොට්ටු නායකයාගේ සහ 2020 ජනපති සිහිනය දකින අන්තවාදි දේශපාලන නායකයෙකුගේ අවශ්‍යතාවය මත මේ වනවිට එම සිදුවීමට ජාතිවාදි මුහුණුවරක් ලබාදීමට දේශපාලන වාසි ගැනීමට උත්සහ දරන බඩගෝස්තරවාදින් කිහිපපොලක් කටයුතු කර ඇත.  

උද්ගතවු මෙම තත්ත්වයත් සමග පොහොට්ටු පිලේ අන්තවාදි සාමාජිකයන්  මහනුවර – මහියංගණ මාර්ගයේ, තෙල්දෙණිය – මොරගහමුල ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් ව්‍යාපාරික ආයතනයක් ඇතුළු මුස්ලිම් ව්‍යාපාර කිහිපයකට ඊයේ රාත්‍රියේ ගිනි තබා තිබෙන අතර එහි විශේෂත්වය වන්නේ ඊට යාබදව පිහිටි පොහොට්ටුවෙන් මැතිවරණයට තරග කල මුස්ලිම් අපේක්ෂකයාගේ ව්‍යාපාරික ස්ථානයට සහ නිවසට කිසිදු හානියක් සිදුනොකිරීමට මොවුන් ක්‍රියාකර තිබීමය…

මේ අතර මියගිය තරුණයාට පහර දුන් බව කියන පස් දෙනෙකු සහ ගැටුමේ මොලකරු ලෙස හැදින්වෙන පොහොට්ටු පක්ෂයේ ප්‍රදේශයේ සම්බන්ධිකාරකවරයෙකු මේ වන විට පොලිසියට බාරවී ඇති බවට ද වාර්තා පල වෙනවා.

ඒ අතරම වෙළඳසැළකට ප්‍රහාරයක් එල්ල කර ගිනි තැබීමේ සිද්ධියට පුද්ගලයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කර ඇත.

කෙසේ වෙතත් ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බවයි එම ප්‍රදේශයෙන් ලැබෙන වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

අනතුරුව  ප‍්‍රදේශයේ ඇතිව තිබෙන කලබලකාරී තත්වයක් පාලනය කිරීම සදහා පොලීසිය විසින් කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර ඇති අතර අද පෙරවරු 06.00 වන තෙක් මහනුවර දිස්ත‍්‍රික්කයට පොලිස් ඇදිරි නීතිය පැනවීමට කටයුතු කර තිබිණි..

මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ නිවේදනය පහත දැක්වේ.

 

 

‍ප්‍රදේශයේ මුස්ලිම් වෙළදසැල් වලට අලාභහානි සිදුකර ඇති අයුරු…

 

 

මේ අතර නුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද (06) දිනයේ වසා තැබිමට තීරණය විය…

නගරයේ කඩ සාප්පු ගිනි තියන අවස්ථාවේ දර්ශන

මහනුවර දිගන ප්‍රදේශයේ අද දින සිදු ව ඇති සිදුවීම පිළිබඳ අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලීසියට හා ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී තිබෙන අතර ජනාධිපතිතුමා පොලීසියට හා යුද හමුදාව වෙත උපදෙස් ලබාදී තිබෙන්නේ, ප්‍රදේශයේ සියලු දෙනාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසයි.

සාමය රැකෙන පරිදි කටයුතු කිරීම සියලූ දෙනාගෙන් වගකීමක් බව මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. තෙල්දෙණිය ප‍්‍රදේශයේ හටගෙන තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පිළිබ (05) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

රට තුල ඇති වී තිබෙන තත්ත්වය හමුවේ සියළු පාර්ශ්වයන් බුද්ධියෙන් යුතුව ක්‍රියා කළ යුතු බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  සඳහන් කළේ.

විවිධ පාර්ශ්වයන්ගේ නොයෙකුත් මත පැවතියත් සන්සුන්ව කටයුතු කිරිමට වග බලාගත යුතු බව ද ඔහු කියා සිටියා.

තෙල්දෙණියේ ඇත්තටම මොකද උනේ?

තෙල්දෙණියේ මොකද උනේ?ඇත්ත කතාව මෙන්න…

Posted by Supiri Gossip on Monday, March 5, 2018