දක්ෂතා වර්ධනය වුවද බංගලියන් යනු ක්‍රිකට් ළඳරුවන්… විග්‍රහය මෙන්න…

දක්ෂතා වර්ධනය වුවද බංගලියන් යනු ක්‍රිකට් ළඳරුවන්…  විග්‍රහය මෙන්න…
Spread the love

ක්‍රිකට් කණ්ඩායමක් විදියට බංගලාදේශ කණ්ඩායමේ පැහැදිලි වර්ධනයක් පහු ගිය කාලේ දකින්න ලැබුන කියන එක ගැන කවුරුවත් විවාද කරන එකක් නෑ.හැබැයි ඒ වර්ධනය ප්‍රතිවාදීන් පහලට දාල සමරන්න ඕන තරම් ලොකු වර්ධනයක්ද කියලනම් ප්‍රශ්නයක් තියනවා.බංගලාදේශයේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ජයග්‍රහණයන් වලදී හැසිරෙන විදිය ගැන හොඳම උදාහරණයක් අපිට නිදහස් කුසලානේදී දකින්න ලැබුනා.

නිදහස් කුසලාන තරඟාවලියේ අවසාන තරඟයට සුදුසුකම් ලබමින් ශ්‍රී ලංකාව පරදවපු බංගලියන්ගේ මේ විදියේ හැසිරීමක් අපි මුලින් දැක්කේ බංගලාදේශයේදී අවසාන වුන ශ්‍රී ලංකා බංගලාදේශ ක්‍රිකට් තරඟාවලියේදී.ඒ තරඟාවලියේ ටෙස්ට් තරඟාවලියේ පලවෙනි තරඟයේ ශතක ලබාගත්ත මොමිනුල් හක් තමන්ගේ ශතකය සමරුවේ සතුටට වඩා කෝපයක් පිට කරන විදියට.මේ විදියට සතුටු වුන මොමිනුල් ඒ තරඟයේ ඉනිම දෙකේම ශතක ගත්ත,ඒක වාර්තාවක්,ඒ කියන්නේ බංගලාදේශ වාර්ථාවක්.මේ විදියේ දක්ෂකමක් පෙන්නපු පලවෙනි බංගලාදේශ පිතිකරුව තමයි මොමිනුල්.

හැබැයි වාර්තාව තිව්වට පස්සේ බංගලාදේශයේ මාද්‍ය වගේම මොමිනුල් හැසිරුනේ ඒ වාර්තාව තියපු ලෝකයේ පලවෙනි ක්‍රීඩකය හැසිරෙන විදියට.අපි සොයල බැලුව ඇත්තටම මොමිනුල් මෙහෙම හපන් කමක් කරපු පලවෙනි පිතිකරුවද කියල,ඒ බලද්දී තේරුනේ මේ දක්ෂතාවය මීට කලින් අවස්ථා 82 කදී පිතිකරුවෝ පෙන්නලා තියනවා.

1909 දී ඕස්ට්‍රේලියාවේ වරන් බ්‍රඩ්ස්ලේ කියන ක්‍රීඩකය තමයි මේ හැකියාව ටෙස්ට් තරඟයක මුලින්ම පෙන්නලා තියෙන්නේ,ඒ කාලේ වෙද්දී මොමිනුල් තියා මොමිනුල්ගේ සීයවත් ඉපදිල නැතුව ඇති.

ඊට පස්සේ අපි බැලුව මොමිනුල් වාර්තාව පිහිටවල අපේ අයට පෙනේ පිප්පුවේ අපේ අය මේ වාර්තාව මීට කලින් පිහිටවල නැද්ද කියල ඒ බලද්දී අපිට හමු වුනා අපි ටෙස්ට් වරම් ලබපු 1982 අව්රුද්දේම අපේ දුලිප් මෙන්ඩිස් මේ වාර්තාව පිහිටවල තියනවා කියල.දුලිප් මේ වාර්තාව තියල තියෙන්නෙ ඉන්දියාවේ චින්නසාමි ක්‍රීඩාංගනයේදී ඉන්දියාවට එරෙහිව තිබුන ටෙස්ට් තරඟයකදී.

ඊට පස්සේ බලාගෙන යද්දී අපිට හමුවුනා ලංකාවේ වර්තමාන ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහත් මේ දක්ෂතාව පෙන්වල තියනවා කියල ගුරා මේ දක්ෂතාවය පෙන්වල තිබුනේ වේගවත් තණතිලි තියන ආසියාවේ පිතිකරුවෝ හැමදාම අසරණ වෙන නවසීලන්තයේදී ,1991 දී තමයි ගුරා මේ විදියට ඉනිම දෙකේම ශතක අරගෙන තියෙන්නේ.

ඊට පස්සේ 1997 අව්රුද්දෙ ශ්‍රී ලංකා සුපිරි පිතිකරු අරවින්ද පාකිස්ථානය සහ ඉන්දියාවට එරෙහිව අවස්ථා දෙකක ශ්‍රී ලංකාවේ SSC ක්‍රීඩාංගණයේදී මේ හපන් කම කරලා තිබුන.

අරවින්දගෙන් පස්සේ 2009 අව්රුද්දෙ තිලකරත්න දිල්ශාන් මේ විදියට ටෙස්ට් තරඟයක ඉනිම දෙකේම ශතක ලබාගෙන තිබුනේ බංගලාදේශ කණ්ඩායමට එරෙහිව තිබුන තරඟයකදී බංගලාදේශයේ චිතගොං ක්‍රීඩාංගනයේදී.

ඊට පස්සේ නැවත 2013 වසරේදීයි 2014 දියි බංගලාදේශ කණ්ඩායමට එරෙහිවම කුමාර සංගක්කාර මේ විදියට ඉනිම දෙකේම ශතක ලබාගෙන තිබුන.ඒ එක තරඟයක සංගා ලබා ගත්ත ශතකයක් සංගා නතර කරලා තිබුනේ ලකුණු 319ක් ලබාගෙන.

ඔන්න ඔය විදියට තමයි බංගලාදේශ ක්‍රීඩකයාගේ වාර්තාවේ තියන වටිනාකම අපිට සංසන්දනය කරන්න වෙන්නේ.හැම වෙලාවෙම ඉහලට එන්න එන්න උඩඟු නොවී නිහතමානී වෙනවනම් බංගලාදේශ ක්‍රීඩකයන්ට ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි කියලත් හිතන එක හොඳයි,ඒ වගේම තමන් ඉන්න තැනත් හොඳට අවබොද කරගෙන වැඩ කලොත් තමන්ට යන්න අවශ්‍ය තැනට ඔවුන්ට යන්න පුළුවන් වෙයි කියලත් කියන්න පුලුවන්.