කොළඹ මෙන්ම ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්වලට ද දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි වාර්තාකරුවන් පවසන්නේ.
ගස් කඩාවැටීම හේතුවෙන් ඇතැම් මාර්ග ද අවහිර වී තිබෙනවා. ඊයේ (29) පස්වරුවේ සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ඇතිවූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල විදුලි සැපයුම ද බිඳවැටුණා.
බදුල්ල දිස්ත්‍රික්කයට ද අධික වැසි හේතුවෙන් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.
කොළඹ ප්‍රදේශ කිහිපයක මාර්ගවලට ද ගස් කඩාවැටීම් වාර්තා වනවා. කොළඹ තුරග තරග පිටිය අසල ඇති ගොඩනැගිලි කිහිපයක වහල ද ගැලවී ගොස් තිබෙනවා.
කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨය අසල මාර්ගයේ දෙපස පිහිටි ගස් කිහිපයක අතු ද කඩාවැටී ඇති බවයි වාර්තාකරුවන් පවසන්නේ.
බොරැල්ල, බත්තරමුල්ල, රත්මලාන සහ තවත් ප්‍රදේශ කිහිපයක සවිකර තිබූ විශාල දැන්වීම් පුවරු කිහිපයක් ද කඩාවැටී තිබෙනවා.
මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 6කට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
මෙම නිවේදනය අද රාත්‍රි 10.00 තෙක් බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.
රත්නපුර, මාතර, නුවරඑළිය, ගාල්ල, මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික්ක සඳහා මෙම නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.
නායයාම් ලක්ෂණ දුටු වහාම එම ස්ථානවලින් ඉවත් වන ලෙසටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියාසිටියේ.










