“දැන් තමයි කට්ටිය හිරගෙදර යන කාලේ..මතක තියා ගන්නවා” – රාජිතගෙන් ප්‍රකාශයක්..

“දැන් තමයි කට්ටිය හිරගෙදර යන කාලේ..මතක තියා ගන්නවා” – රාජිතගෙන් ප්‍රකාශයක්..
Spread the love

ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප වූ පාර්ශ්වයකට ආණ්ඩුවක් පවත්වාගෙන යාමට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී  අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ ඊයේ (19) පැවති කල් තැබීමේ විවාදයට එක් වෙමින්.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ දැන් ජනතාව වෙනදාට වඩා රටේ දේශපාලනය පිළිබඳ නිරීක්ෂණයෙන් සිටින බවයි.

මේ අතර මෙහිදී විමල් වීරවංශ මන්ත්‍රිවරයා සහ අමාත්‍ය රාජිත සේනාරත්න අතර උනුසුම් කතාබහක් ඇති වුණා. 

එහිදී රාජිත සේනාරත්න ඇමතිවරයා සඳහන් කළේ “ඔය චූන් එක බලාගමු අපි..කොහොමද වෙන්නේ කියලා.. දැන් තමයි කට්ටියගේ නඩු විභාග වෙලා හිරගෙදර යන කාලේ. මීළඟ මැතිවරණය එනකොට මෙතන ඉන්න කීදෙනෙක් ඉන්නවාද කියලයි අපිට ගණන් කරන්න වෙන්නේ. අන්න එදාට මෝඩ චූන් එක තේරෙයි..මතක තියා ගන්නවා.” යනුවෙනි.