දැල් පන්දුවෙන් ආසියාව හෙල්ලූ හැටි

දැල් පන්දුවෙන් ආසියාව හෙල්ලූ හැටි
Spread the love

සිංගප්පූරුව බලා ගිය අපේ දැල් පන්දු ටීම් එකේ කෙල්ලො ටික මෙදා සැරේ ලොකු සටනක් දීලා ආසියානු ශූරතාවය ලංකාවට අරගෙන ආවා…. ඇත්තටම මේ කිරුළ අපිට හිමිවුණේ අවුරුදු නවයකට පස්සේ…. සෙල්ලන් වැඩක් නෙමයි අපේ කෙල්ලො ටික එකතුවෙලා කළේ… තර්ජනී එක්ක අපේ කෙල්ලො ටික ගහපු ගේම් එකට නායකත්වය දුන්නේ චතුරංගි ජයසූරිය… අඩියෙන් අඩිය ඉස්සරහට යනකොට චතුරංගිගේ හිතේ මොන තරම් පීඩනයක් තියෙන්න ඇතිද?….අනික ලංකාවෙත් නෙමෙයිනේ.. ඇත්තටම ඒ පීඩනය අබමල් රේණුවකට ගණන් නොගෙන මේ ගේම් එක ගැහපු හැටිිචතුරංගි ලංකාවට ආපු ගමන්  කිව්වේ මෙන්න මේ විදිහට..

dal1

අවුරුදු 9කට පස්සේ ආසියාවටම ශූරියෝ බවට පත් වුණා..මොකද හිතෙන්නේ?

ගොඩක් සතුටුයි. මොකද කණ්ඩායමක් හැටියට මේ ජයග‍්‍රහණය ලංකාවට ලබා දීමට හැකිවීම ගැන මේ වෙලාවේ මම ඉන්නේ ගොඩක් සතුටින්.

ඔබ ඒ ජයග‍්‍රාහී කණ්ඩායමේ නායිකාව…

ඔව්. ජයග‍්‍රහණය ගැන සතුටු වෙනවා වගේම ඒ කණ්ඩායමේ නායකත්වය දැරීමට හැකි වීම ගැනත් නිහතමානී ආඩම්බරයක් තියෙනවා.

අවසන් මහා තරගයේ අත්දැකීම ඔබට දැනුනේ මොන වගේද ?

බයක් නම් දැනුනේ නැහැ. මොකද ඒ වෙද්දි අපි හැම කණ්ඩායමක්ම පරාජය කරලයි තිබුණේ. සිංගප්පූරුවටත් අපි කලින් ගහලයි තිබුණේ.

ඒ කියන්නේ අවසන් තරගයට මුහුණ දෙද්දී කණ්ඩායම හොඳ මානසික මට්ටමක හිටියා.?

ඔව්. අනිවාරේයයෙන්ම අපි මානසිකව ශක්තිමත් වෙලයි හිටියේ. ඒ ගැන කතා කරද්දී නාලක හේවා මද්දුම සර් මතක් කරන්නම ඕනේ. එතුමා තමයි තරගාවලියේ ආරම්භයේ සිටම අවසන් තරගය දක්වාම අපිත් එක්ක ඉඳලා කණ්ඩායමක් හැටියට මේ තරගාවලිය දිනන තැනට ගෙනාවේ. කිසිදු අයකිරීමකින් තොරවයි එතුමා මේ සඳහා කැපවුණේ.

net1අවසන් තරගයේදී පුහුණුකාරිත්වයෙන් ලැබුණු සහයෝගය මොනවගේද ?

අවසන් තරගාවලිය වෙද්දි මිස් කිව්වේ එක දෙයයි. මම දැන් ඔයාලට හැමදේම උගන්වලා ඉවරයි. අද තියෙන්නේ ඔයාලගේ දවස. ඒ දවසේ ඔයාලා වැඩ පෙන්වන්න ඕනෙ කියලා

ඔබ හිතනවාද මාස 8ක් 9ක් වගේ කෙටි කාලයකදී ලැබුණු පුහුණුව මේ ජයග‍්‍රහණයට බලපෑව කියලා.

අනිවාර්යයෙන්ම ඔව්. තිලකා මිස්ගේ හොඳ සැලසුමක් තිබුණා. අපේ ෆිටිනස් හොඳට හැදුවා. ඒ වගේම අපේ මානසිකත්වය දියුණු කරන්නත් මිස් ගොඩක් කැප වුණා.

තරගාවලිය සාර්ථක කරගන්න කණ්ඩායමෙන් ලැබුණු සහයෝගය?

මේ ජයග‍්‍රහණය තනියෙන් ලබා ගත්තු දෙයක් නෙමෙයි. කණ්ඩායමක් හැටියට ඒ ගෞරවය හැමෝටම හිමි වෙන්න ඕනෙ. සෙන්ටර් හිටපු දුලංගි වන්නිතිලක” හසංජලි අමරවංශ” තිළිණි වත්තේගෙදර තමන්ගේ කාර්යය හරියටම කළා. ඩිෆෙන්ස් එක ගැහුවේ මම” ගයනි දිසානායක” තනුජලී රාජපක්‍ෂ” සුරේකා කුමාරි. අපි එකතුවෙලා එක ලකුණක් හරි දාන්න තමයි උත්සහ කළේ හැම වෙලේම. අපි හැමෝගෙම හිතේ තිබුණේ තරග දිනනවා කියන දේ විතරයි.

මේ තරගාවලියේ ලොකුම බලාපොරොත්තුව වුණේ තර්ජනී කියල කිව්වොත්?

තර්ජනී අක්කා කණ්ඩායමට ලොකු දෙයක් කළා ඇත්තටම. එයාගේ අතට බෝලේ ගියා කියන්නේ අනිවාර්යයෙන්ම ලකුණක්. එයාගේ අතටම බෝලේ එන විදිහට හොඳ පාසස් දෙන්නත් අපේ අනෙක් කී‍්‍රඩිකාවන්ට හැකිවුණා.

අවසන් තරගයේදී ලැබුණු පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර මොනවගේද?

අපි සෙල්ම් කළේ සිංගප්පූරුවේ වුණාට අපිට දැනුනේ අපි ලංකාවේ කී‍්‍රඩා කරනවා වගේ. සීයයට 60කට වඩා ග‍්‍රවුන්ඞ් සපෝර්ට් එක තිබුණේ අපට. අපිට තරගය පුරාම ඇහුණෙ ශී‍්‍ර ලංකා ශී‍්‍ර ලංකා කියන නම විතරයි.

ලංකාවෙන් යන්න කලින්ම හිතුවද කප් එක ගන්න පුළුවන් වෙයි කියලා?

ඔව්. අපිට ලොකු විශ්වාසයක් තිබුණා. මොකද අපි මලාවි තරගාවලියත් හොඳට කරලයි තිබුණේ.

කප් එක අරන් ලංකාවට ආපු ගමන් මොකද හිතුනේ.?

අපි මේ ශූරතාව ගත්තේ 5 වැනි වතාවට. හැබැයි ඒ හැම පාරකටම වඩා ලොකු ප‍්‍රතිචාරයක් මේ පාර අපිට තියෙනවා කියලා දැනුනා. තරගයෙන් තරගයෙන් ඉදිරියට ගිහින් අවසන් තරගයට එද්දි අපි ලංකාවේ ගොඩක් ජනප‍්‍රිය වෙලා ඉවරයි කියලා දැනුනා.

කණ්ඩායමේ ඉදිරි සැලසුම් මොනවගේද?

ඊළගට අපිට තියෙන්නේ ලෝක කුසලාන තරගාවලිය. සති දෙකක විතර විවේකයකින් පස්සේ ආයෙත් එ සඳහා පුහුණුවීම් පටන් ගන්නවා. තිලකා මිස් හිටියොත් අපිට ඒ ගමනත් හොඳට යන්න පුළුවන්වෙයි කියලා මම හිතනවා.

කසුන් රණවීර