ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී පිතකරුවෙකු ලෙස කණ්ඩායමට උපරිම දායකත්වයක් ලබාදීමට සූදානම් බව නිරෝෂන් දික්වැල්ල පවසනවා.
ඒ සඳහා තම තාක්ෂණික ක‍්‍රමවේදය සහ ක‍්‍රීඩා සැලැස්ම වෙනස් කර ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිරෝෂන් දික්වැල්ල ප‍්‍රකාශ කර ඇත්තේ.
ආබාධයකට ලක්ව සිටින දිනේෂ් චන්දිමාල් වෙනුවට නිරෝෂන් දික්වැල්ල ආසියානු කුසලාන තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායමට නම් කෙරුණා.
ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලිය එළඹෙන සෙනසුරාදා ඩුබායිහි දී ආරම්භ වනවා.
එහිදී පළමුව තරග වදින්නේ ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශයයි. A සහ B කාණ්ඩ යටතේ කණ්ඩායම් 06ක් තරගාවලියට එක්වනවා. ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශයට අමතරව ඇෆ්ගනිස්ථානය B කාණ්ඩයට ඇතුළත්. ඉන්දියාව, පකිස්තානය හා හොංකොං A කාණ්ඩය නියෝජනය කරනවා.
Sri Lanka team departs for Asia Cup 2018
Sri Lanka team departs for Asia Cup UAE 2018!
Posted by Sri Lanka Cricket on Wednesday, September 12, 2018