දින 03ක් විභාගය ලියා පාඩම් කරමින් සිටි සිසුවියව නිවසටම පැමිණ පැහැරගෙන ගිහින්…

Spread the love

දින තුනක් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට 16දා රාත්‍රි පාඩම් කරමින් සිටියදී නිවෙසට පැමිණි පුද්ගලයන් දෙදෙනකු ඉදිරිපස ‍ෙදාරටුව කඩා නිවෙසට ඇතුළු වී ඇත.
සැකකරු රාත්‍රි 10.30ට පමණ දැරියගේ අතින් ඇදගෙන ගොස් ත්‍රිරෝදයක දමාගෙන පලා ගොස් ඇතැයි දැරියගේ මව පොලිසියට පැමිණිලි කර ඇත. ඇය මිරිස්ස ප්‍රදේශයේ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලබන අතර දැරියගේ පවුලේ අය සැකකරු හඳුනාගෙන ඇත. වැලිගම පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.

[rns_reactions]