ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්‌වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් රෝහල් ගත කරනු ලැබූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න රෝහලෙන් පිටව ගිය බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
මනූකා ඕවල් පිටියේ පැවැත්වෙන තරගයේ පන්දුවට පහරදෙමින් සිටින විට ඔහු මෙම ආබාධයට ලක්විය. දිමුත්ගේ ආබාධය පිළිබඳව කරනු ලැබී සියලුම පරීක්ෂණ වාර්තා සාමාන්‍ය බවට සඳහන් කර ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
කෙසේ වෙතත් හෙට දිනයේදී ඔහු පන්දුවට පහරදෙන්නේද යන්න පිළිබඳව වන තීරණය හෙට පෙරවරුවේදී ලබා ගන්නා බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.