දියණියන් රජ මැදුරේ.. බිහිකල අම්මා මහ වනයේ.. (VIDEO)

Spread the love

ගලේවෙල ගොඩපල ප්‍රදේශයේ  මහා වනයක් මැද කුඩා පැලක තනිවම ජිවත්වන මවක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා. පොල් අතුවලින් වටකරගත් කුඩා පැල්පතක තනිවම සිටින මේ මව  යසෝමැණිකේ නම් වනවා.

දියණියන් තුන් දෙනකුගේ මවක් වන ඇය මේවනවිට 64 හැවිරිදි වියේ පසුවනවා.

දරුවන් කුඩා කාලයේ සිටම සැමියාගෙන් වෙන් වූ මේ මව වට්ටි, පෙට්ටි වියා ඒවා විකුණා දියණියන්ට උගන්වා පසුව විවාහ කර දුන් බවයි වාර්තා වන්නේ.

ඇගේ එක්  බැණා කෙනෙකු ඉංජිනේරුවෙක් බව සඳහන් කර සිටියා.

තමාට නොසැලකීම නිසා මෙසේ වනාන්තරයට වී කැලේ කොලයක් කොස් ගෙඩියක් කඩාගෙන ආහාරයට ගෙන ජීවත් වන බව මෙම මෑණියන් ප්‍රකාශ කර තිබෙනවා.

මේ මව කාලයක් තිස්සේ නිවෙස්වල මෙහෙකාර සේවයේ නිරත වෙමින් සිටියදී රජයෙන්  මාසික ආධාරයක්  ලබාදීමත් සමග මෙහෙකාර සේවය නවතා දරුවන් ළඟට  ගොස් කාලයක් සිට නැවත මෙසේ පදිංචියට පැමිණ සිටින බවයි.

“මම දරුවන් හැදුවේ බොහොම අමාරුවෙන් වට්ටි පෙට්ටි පැදුරු වියලා විකුනලා .එයාලට මට උදව් කරන්න බැහැනේ මොකද එයාල දැන් අයිති වෙන අයට. මම කොළ වර්ග තබ්බාගෙන කනවා.මාසකට සැරයක් ටවුමට ගිහින් හාල් ලුණු අරගෙන එනවා.කැලේ ගස්වල තියන ගෙඩි තම්බාගෙන කනවා” යනුවෙන් මෙම මව සඳහන් කර තිබෙනවා.

යසෝ මැණිකාඅම්මා කැළයේ ජීවත් වන හැටි දැක්වෙන වීඩියෝව,

දරුවන් සිටින මවක් වනයේ තනියම ජිවත්විම

Posted by SLRC News on Saturday, May 20, 2017

[rns_reactions]