දීපව්‍යාප්ත ඩෙංගු මදුරු මර්දන සතියක් හෙට සිට – සියළු කටයුතු සුදානම්..

Spread the love
දීපව්‍යාප්ත ඩෙංගු මදුරු මර්දන සතියක් හෙට සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරන අතර ඒ අනුව හෙට සිට අප්‍රේල් මස 04 වන දා දක්වා එම මදුරු මර්දන සතිය ක්‍රියාත්මක බව සදහන්. ජනාධිපති කාර්ය සාධක බලකාය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සැඳුම්ලත් කණ්ඩායම් 3000ක් පමණ ඩෙංගු මදුරු මර්දන සතියේ ක්‍රියාත්මක වැඩසටහන් සඳහා  සහභාගී වීමට නියමිතව තිබේ.
කීට විද්‍ය සමීක්ෂණවලට අනුව ආයතන, පාසල්,ඉඳිකිරීම් පරිශ්‍ර හා ආගමික ස්ථාන ඩෙංගු මදුරුවන් බෝවන අවධානම් ස්ථාන බවට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. මෙම වර්ෂයේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 24,562ක් වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කොළඹ, ගම්පහ, කළුතර , මාතර, ගාල්ල, හම්බන්තොට, මඩකලපුව, ත්‍රීකුණාමලය, යාපනය, කල්මුණේ, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රීක්ක ඩෙංගු අවදානම් දිස්ත්‍රීක්ක බවට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය   අමාත්‍යාංශය සඳහන් කළේය.