දුම්රිය එන්ජින් රියදුරන් මේ වන විට වැඩවර්ජනයේ

Spread the love

දුම්රිය එන්ජින් රියදුරන් පිරිසක් මේ වනවිට වැඩවර්ජනයක යෙදී සිටිනවා.

මෙම වැඩවර්ජනය ආරම්භ කෙරුණේ ඊයේ (06) මධ්‍යම රාත‍්‍රියේ සිටයි. දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය විසින් වැඩවර්ජනය කැඳවා තිබෙනවා.

නිසි පටිපාටියෙන් බැහැරව සිදු කෙරෙන බව කියන නව බඳවා ගැනීම් සඳහා විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය කැඳවූ බවයි එහි ලේකම් ඉන්දික දොඩංගොඩ කියා සිටියේ.

දුම්රිය එන්ජින් රියදුරන්ගේ මෙම වැඩවර්ජනය නිසා දුම්රිය ධාවනයට අද (07) බාධා සිදුවිය හැකියි. 

අප මේ සම්බන්ධයෙන් දුම්රිය පාලක මැදිරියෙන් ද විමසීමක් කළා. ඔවුන් පැවසුවේ සේවයට වාර්තා කරන එන්ජින් රියදුරන් සමග සාකච්ඡා කර දුම්රිය කිහිපයක් හෝ ධාවනය කිරීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් එලෙස ධාවනය කෙරෙන්නේ කුමන දුම්රියදැයි දැන්ම කිව නොහැකි බවද දුම්රිය පාලක මැදිරිය පැවසුවා.

[rns_reactions]