දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩි කළහොත් ඊට සමාන්තර සේවාවන් තල 35 ක සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට සිදුවන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.
වර්ජනය කළ පමණින් වැටුප් වැඩි කිරීමට රජය බැඳී නොමැති බවත්, එසේ වැඩි කළහොත් ඒ සඳහා වැය කරන මුදල් ලබා ගැනීමට සිදුවන්නේ ජනතා බදු මුදල් වැඩි කිරීමෙන් බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
මන්ත්‍රීවරුන්ගේ මෙන්ම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම නොව මේ මොහොතේ කළ යුත්තේ රට සංවර්ධනය කිරීම බවත්, වර්ජනවලට බයේ රජය වැඩ කළහොත් සිදුවන්නේ රට තවත් විනාශයට ඇදී යැම බවත් ඇමැතිවරයා කීවේය.
එම නිසා කොළඹට පැමිණ අහිංසක ජනතාව සහ වැඩ නිම කර නිවසට යැමට පැමිණි ජනතාව කොළඹ අතරමං කරමින් දුම්රිය වෘත්තීය සමිති ක්‍ෂණිකව ගත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය රටේ සියලු ජනතාව පිළිකුළෙන් හෙළා දකින බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
දුම්රිය වැටුප් වැඩි කළොත් සමාන්තර සේවා 35 ක ප්‍රශ්න ඇති වෙනවා
