නිරූපණ ක්ෂේත්‍රයේ නමක් රැන්දු ඇය අමන්දා සිල්වා, ඇය පිළිබදව පසුගිය දිනවල කතාබහක් ඇතිවුයේ එක්වරම ඇය විවාහ ගිවිසගත් බවට පළවූ පුවතක් නිසයි. කෙසේ වෙතත් විවාහ ගිවිස ගැනීමෙන් පසු පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් මෙතෙක් කලක් අප්‍රසිද්ධව සිටි සිය සැමියා පිළිබදව අමන්දා හෙළිකර තිබුණා.
එම සංවාදය පහතින් ,
විවාහ ගිවිසගත්තෙ හදිස්සියේද?
කාලය අරගෙන, එයාව ආශ්‍රය කරලා තේරුම් අරගෙන, ගෙදර අයත් එක්ක කතාබහ කරලා තමයි විවාහ ගිවිසගත්තේ.
ජීවිතේ සම්පූර්ණයි කියලා හිතනවද?
ගැහැනු ළමයෙක්ට අවශ්‍යම දෙයක් තමයි විවාහය කියන්නේ. හොඳම, මට ගැළපෙනම කෙනා ලැබුණ නිසා මට සතුටුයි. එයා දැන් අයිතිකරගත්තට පස්සේ දැනෙන්නේ ලොකු නිදහසක්. ජීවිතේ සම්පූර්ණයි කියලා හිතෙනවා.
ඇයි විවාහ ගිවිසගන්නකම් ඔබේ පෙම්වතා රහසක් ලෙස තියාගත්තේ?
ඒ වගේ දේවල් ප්‍රසිද්ධ කරන්න ගියහම ප්‍රශ්න ඇතිවෙනවා. මට කලින් ඒ වගේ ගැටලු ඇතිවෙලා තියෙන නිසා මම පාඩමක් ඉගෙන ගෙන තමයි මම මේ සම්බන්ධය රහසක්ව තියාගත්තේ. මට එයාව නැති කරගන්න බෑ. ඒ තරමටම එයා මගේ ජීවිතේට විශේෂයි. ඒ නිසා මේ ගැන කාටවත් කියන්නේ නැහැ. මම විතරක් ඒක දැනගත්තාම ඇති කියලා හිතුණා.
අමන්දා ළඟින් හිටපු අයත් මේ ගැන නොදැන සිටියද?
නැහැ. මම ළඟින්ම ආශ්‍රය කරන අය ඔහු ගැන දන්නවා. මාධ්‍යවලට තොරතුරු යන්න දුන්නේ නැහැ.
කවදද විවාහ උත්සවය ගන්න සැලසුම් කරලා තියෙන්නේ?
විවාහ උත්සවයත් මේ වගේම රහසක්. තාම අපි ඒ ගැන සැලසුම් කරනවා. මේ දවසට එය වේවි කියලා කියන්න බෑ. බොහෝ විට ලබන වසරේ විවාහ උත්සවය ගන්න බලාපොරොත්තු වෙනවා.
අමන්දා හිතනවද ඔබට ගැළපෙන කෙනා ජීවිතේට මුණගැහුණා කියලා?
ඔව්. අනිවාර්යයෙන්ම හිතනවා. ආදරය කරන කෙනා නිසා සිත් රිදවීම් වෙනවා නම් විඳවන්න වෙනවා නම් සම්බන්ධය අරගෙන යනවට වඩා හොඳයි නවත්වන එක. ආදරය විඳින්න පුළුවන් නම්, හිත සතුටෙන් තියාගන්න පුළුවන් නම් ඒ කෙනා තමයි අපට හරියන්නේ. මට ඔහුගෙන් ඒ හැමදේම ලැබෙනවා. ඒ නිසා මම හිතනවා ඔහු තමයි මට ගැළපෙනම කෙනා කියලා. ගෙදරින් ආශීර්වාදය ලැබුණු නිසා ඒ අයත් හිතනවා මම හරියන කෙනා තෝරාගත්තා කියලා.
කවුද මුලින්ම ආදරය ප්‍රකාශ කළේ?
ඔහු තමයි මුලින්ම මට ආදරය ප්‍රකාශ කරන්නේ.
අමන්දා ඔහුට කැමැති වුණාද?
මුලින්ම කැමැතියි කියන්න ගියේ නෑ. කෙනෙක්ව ආශ්‍රය කරන්නේ නැතුව ඔහු මට ගැළපෙනවාද කියලා තීරණය කරන්න බැහැ. කාලයක් ගත්තා මම. ඒ වගේම මම මගේ ගෙදර අයත් එක්ක මේ ගැන කතා කළා. ගෙදර අය ඒ ගැන හොයලා බලන්න කාලයක් ගත්තා. ඒ අය කැමැත්ත පළ කළා. ඊට පස්සේ තමයි මම ඔහුට කැමැති වෙන්නේ. එයාව ආශ්‍රය කරද්දී තේරුම් ගියා තෝරගත්ත කෙනා නිවැරදියි කියලා.
ඔහුට කැමැති වෙන්න විශේෂ හේතුවක් වුණේ මොකක්ද?
මම ආදරය කරනවා වගේ ඔහුත් මට ආදරය කළා. එයා මම වගේ. මගේ හිත රිද්දන්නේ නැහැ. මම රණ්ඩු කළත් එයා දන්නවා ඒ රණ්ඩුව නවත්වන්න. මට ප්‍රශ්නයක් වුණහම ඒ දේ විසඳගන්න ඔහු උදව් කරනවා. පෙනුමට මම ගොඩක් කැමැතියි. මට එයා ගැන කියන්න වචන නැහැ.
විවාහයෙන් පස්සේ ඔබ නිරූපණයේ යෙදෙනවට ඔහුගෙන් තහංචියක් නැද්ද?
කිසිම තහනමක් නැහැ. මොකද එයා දන්නවා මම ඒ වැඩේ කරලා ඒ දේ ඉවර වුණහම ගෙදර එනවා කියලා. නිරූපණයේ දී විතරයි මම නිරූපිකාවක් වෙන්නේ. ගෙදරදී මම සාමාන්‍ය කෙනෙක්. ඒ දේවල් දැකලා අහලා තියෙනවා. මම කතාවක් අහගන්නෙ නැතුව මගේ වැඩ කරගෙන යනවා කියලා. මම හරි දේ කරන්න දන්න නිසා මගේ වැඩවලට ඔහු උපරිම නිදහස දීලා තියෙනවා.
ඔබ නිරූපණයේ යෙදෙනවා ඔහු නරඹන්න ඇවිත් තියෙනවද?
ඇත්තටම එයාට එන්න හම්බවෙලා නැහැ. මොකද එයා විදේශගත වෙලා ඉන්නේ.
විවාහයෙන් පස්සේ ඔබ විදේශගත වෙනවද?
විවාහයෙන් පස්සේ යනවා. මගේ පවුල එතැන තියෙන්නේ. ඒ නිසා මම ඒ කැපකිරීම කරන්න කැමැත්තෙන් ඉන්නේ.
නිරූපණ කටයුතුවලින් ඈත් වෙන්න වෙනවා නේද?
මට හිතුණොත් මම එහෙම කරාවි. නමුත් ඔහු මට කොයිම වේලාවකවත් බලපෑම් කරන්නේ නැහැ නිරූපණයෙන් ඉවත් වෙන්න.
සංවාදය : තිළිණි කරුණාරත්න/ රිවිර