“දෙවැනි ඉනිම” ටෙලි නාට්‍යයේ රවී ප්‍රනාන්දුගේ හදිසි මරණය රට තුළ ලොකු කතා බහක් ඇති කළා. එම චරිතය රගපෑ බිමල් ජයකොඩි දෙවෙනි ඉනිමෙන් ඉවත්වීම නිසා ඔහු රගපෑ චරිතය මරා දැමූ බවත්, බිමල්ගේ ඉවත්වීමත් ගැනත් බොහෝ අය බොහෝ දේ පැවැසුවා.
එය අතරේ එහි ආනන්දගේ චරිතය රගපාන “ධර්මප්‍රිය ඩයස්” දෙවෙනි ඉනිමෙන් ඉවත්ව යන්නට සැරසෙන බවට තවත් ආරංචියක් පැතිර යමින් පවතිනවා. අපි ධර්මප්‍රිය ඩයස්ට කතා කළේ ඒ ආරංචියේ ඇත්ත නැත්ත හරි හැටි දැන ගන්නයි.
ඔබ “දෙවැනි ඉනිම” ටෙලි නාට්‍යයෙන් ඉවත් වන්නට යන බවට ආරංචියක් මේ දවස්වල පැතිර යනවා. මොකක්ද මේ කතාවේ ඇත්ත නැත්ත ?
ඇත්තම කියනවා නම් මගෙනුත් හුග දෙනෙක් ඔය ගැන අහනවා. ‘කවුද ඕක කිව්වේ’ කියලා මම ඒ අයගෙන් ඇහුවාම “ඔය වෙබ් සයිට්වල තියෙන්නේ” කියනවා. කවුරු මේ කතා හදනවද කියලා නම් මම දන්නේ නැහැ.
ඒ කියන්නේ මේ ආරංචිය බොරුවක් ?
ඔව්. බොරුවක් මම ඔය විදියේ කිසිම තීරණයක් අරගෙන නැහැ.
රවීගේ මරණය හා බිමල්ගේ ඉවත්වීම ගැන මොකද කියන්න තියෙන්නේ ?
(හිනැහී) බිමල්ගේ ඉවත්වීම නිෂ්පාදන අංශයෙන් හා බිමල්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්. ඒක මට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ඉතින් දෙවෙනි ඉනිම නරඹන ප්‍රේක්ෂකයෙක් වශයෙන් නම් රවිගේ මරණය මට කම්පනයක් ඇති කළා. රවී දිගටම දෙවෙනි ඉනිම තුළ හිටියා නම් කියලත් හිතුණා. එහෙම හිතුනේ නාට්‍යයට සම්බන්ධ ශිල්පියෙක් විදියට නෙවෙයි. නාට්‍ය නරඹන රසිකයෙක් විදියටයි.
දෙවෙනි ඉනිම කොටස් 1000කට පමණ දික් කරන්නට යන බව එහි අධ්‍යක්ෂකවරයා පවසනවා ?
සාර්ථකත්වය මත මෙගා නාට්‍ය දික්වන අවස්ථාත් තියෙනවා. අසාර්ථක වුණාම නතර කර දමන අවස්ථාත් තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්.
‘දෙවෙනි ඉනිම’ කොටස් 1000කට දික් කිරීමෙන් එය සාර්ථක වෙයිද ? එක තැන පල්වෙන නාට්‍යයක් වෙයිද ?
ඒක ඉතින් රචකයාගේ හා අධ්යක්ෂවරයාගේ දක්ෂතාවය මත තීරණය වන දෙයක්.
නාට්‍යයක් හිතා මතා දිග් කරන්න ගියාම ප්‍රේක්ෂකයන්ට එපා වෙන බවයි බහුතරයකගේ අදහස ?
මම පුංචි උදාහරණයක් කියන්නම්. “ඉතින් ඊට පස්සේ” මුලදී ගොඩක් ප්‍රේක්ෂක අවධානය දිනාගත් නාට්‍යයක් නෙවෙයි. ඒත් මැදදී එයට ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි වුණා. ඒ හින්දම නාට්‍ය දිග් කළා. අවසානය දක්වා විශාල ප්‍රේක්ෂක අවධානයක් ඊට තිබුණා. නිල්වලා අධිපති උපුල් ජයසිංහ මහතා එක්තරා සාදයකදී පැවැසුවා. “ඉතින් ඊට පස්සේ” දික් කළේ සාර්ථක හින්දා ඒකට මගේ චරිතයත් ගොඩාක් බලපෑවා කියලා. ඒ හින්දා නාට්‍යයක් දික්වීම අසාර්ථකත්වයට හේතු වනවාමයි කියන්න බැහැ.
හරි ඔය විදියට බැලුවොත් ඔබ කිසිම දිනක “දෙවෙනි ඉනිම” හැර යන්නේ නැහැ එහෙමද ?
මෙහෙමයි. ඔය කාරණය තව ටිකක් පැහැදිලි කළ යුතුයි. දැනට වුණත් ටෙලි නාට්‍යයේ කිසිම දෙයක් නැති නිකම්ම නිකම් දෙබස් ටිකක් විතරක් තියෙන දර්ශන වලදී මම අධ්යක්ෂවරයා එක්ක කතා කරලා එය වෙනස් කර ගන්නවා. ඒ මගේ අයිතිය. මම නළුවෙක්. මගේ රාජකාරිය රගපෑමයි. කොටස් 300ද 500ද 1000ද කියන එක මට අදාළ නැහැ. හැබැයි තේරුමක් නැතුව එක තැන නාට්‍ය පල්වනවා නම් අධ්‍යක්ෂකවරයා එක්ක කතා කරලා පිටපත වෙනස් කිරීමට හෝ එහෙම නැත්නම් ඉන් ඉවත්වීමට හෝ අයිතියකුත් මට තියෙනවා.