නකල්ස් කඳුකරයේ සිදුවන පරිසර හානිය හා ඉඩම් කට්ටිකර බෙදා දීම පිළිබඳ සිද්ධියේ සත්‍ය කරුණු හෙළිදරව් කිරීම සඳහා මාධ්‍යවේදීන් කණ්ඩායමක් සමග ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් කණ්ඩායමක් අදාළ ප්‍රදේශයේ තොරතුරු ගවේෂණයකට සූදානම් වන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශකර සිටී.
“නකල්ස් කඳුකරයේ සංවේදී පරිසර කලාපයක්. ඒ වාගේම අපේ පරිසර සම්පතක්. මේක විනාශ කරන්න ඉඩ දෙන්න බෑ. ඒ නිසයි අපි මාධ්‍යවේදීන් පිරිසක් එක්ක ඒ ප්‍රදේශයට යන්නේ. එහි ඇත්ත තොරතුරු අපි අදාළ අංශ සමගත් සාකච්ඡා කරලා රටට හෙළි කරනවා” යැයිද මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.
